ලංගමයේ ගැටලු රැසක් ගැන හෙළිවෙයි

බස් පර්යන්තයක් ඉදිකිරීම සදහා බත්තරමුල්ල නගරයෙන් ඉඩමක් වෙන් කිරීමේ කටයුතු අවසන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන්ට බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නැවත කැඳවීමක් සිදු කර තිබෙනවා.

එමෙන්ම අධිකාරිය සිය වගකීම නිසිපරිදි ඉටු නොකිරීම පිළිබඳව ද කමිටුව දැඩි අප්‍රසාදය පළ කළා.

බස් පර්යන්තයක් ඉදිකිරීම සදහා බත්තරමුල්ල නගරයෙන් ඉඩමක් වෙන් කිරීමේ කටයුතුවල අවසන් තීරණයක් ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ පාර්ශව ලබන පාර්ලිමේන්තු සතියේ කැඳවන බවයි බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර ඊයේ (23) ප්‍රකාශ කළේ.

එසේම මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් කොළඹ ප්‍රධාන බස්නැවතුමේ බස් රථ, ඊළග ගමන් වාරය එනතුරු නවතා තැබීමට කොළඹ කොටුව ප්‍රදේශයේ සුදුසු ඉඩමක් වෙන් කිරීමේ කටයුතු කඩිනම් කිරීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුකමිටුවක් පත් කිරීමටත් මෙහිදී තීරණය වුණා.

බත්තරමුල්ල ප්‍රදේශයේ බස් අංගනයක් ඉදිරිකිරීම සඳහා මීට පෙර මෙම කාරක සභාවට කැදවා තිබූ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්න ද ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවිම පිළිබදව එම අධිකාරියට කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ වී තිබෙනවා.

එසේම බත්තරමුල්ල නගර සැලැස්ම තුළ බත්තරමුල්ල හන්දියට නුදුරු පොළ පිහිටි භූමියේ ඉඩමක් පිහිටිය ද මේ සම්බන්ධයෙන් මීට පෙර පැවති සාකච්ඡාවේදී අනාවරණය නොකිරීම සම්බන්ධයෙන් ද කාරක සභාව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

එම භූමිය බත්තරමුල්ල මංසන්ධියට නුදුරින් පිහිටීම හේතුවෙන් මාර්ග තදබදය ඇතුළු ගැටලු ඇතිවීමේ හැකියාව පවතින බවයි මෙහිදී එම නිලධාරින් පෙන්වා දුන්නේ.

එසේම මෙහිදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඉදිරි සැලසුම් සහ 2021 වාර්ෂික වාර්තාවෙන් පැන නගින කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු වුණා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පරිපාලන ගැටලු රැසක් ද සාකච්ඡාවට ලක්වූ අතර 2021 වසරේ මණ්ඩලයේ පාඩුව රුපියල් මිලියන 3059ක් බවටයි හෙළිවී ඇත්තේ. එමෙන්ම 2022 වසරේ ලාභය රුපියල් මිලියන 485 ක් බව සඳහන්.

රියදුරු සහ කොන්දොස්තර පුරප්පාඩු 800 ක් පවතින අතර විෂමාචාර ක්‍රියා සඳහා චෝදනා ලැබූ කොන්දොස්තරවරුන් 500ක ප්‍රමාණයට වැටුප් ගෙවීම ගැටලුවක් බව ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

8 ශ්‍රේණිය සමත් පුද්ගලයන් ඩිපෝ කලමනාකරුවන් බවට පත්ව ඇති බවත් ගණකාධිකරණ, තාක්ෂණික ඇතුළු අංශ ගණනාවක තනතුරුවල ගැටලු රැසක් පවතින බව ද මෙහිදී හෙළි වුණා. මැතිවරණයකින් අනතුරුව සුදුසුකම් නැති ඇතැම් වෘත්තීය සමිති නායකයන් ඩිපෝ කළමනාකාරීත්වය ඇතුළු ඉහල තනතුරුවලට පත්වන බැවින් දේශපාලන අතපෙවීම්වලින් මුදවා ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

2021 වසරේ කොවිඩ් අර්බුදය ඇතුළු තත්ත්වයන් හේතුවෙන් මණ්ඩලය රුපියල් මිලියන 3059ක් අලාභ ලැබුවද 2022 වසරේ මණ්ඩලය රුපියල් මිලියන 485ක ලාභයක් වාර්තා කළ බවද මෙහිදී නිලධාරීන් ප්‍රකාශ කළා.

වත්මන් ගැටලු අතර රියදුරු හා කොන්දොස්තර හිඟය ප්‍රධාන බවයි මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේ. දැනට 26561ක සමස්ත සේවක පිරිසක් සිටින අතර රියදුරු කොන්දොස්තර පුරප්පාඩු 800ක් පවතින බවත් මෙහිදී අනාවරණය වුණා. ඒ අනුව රජයේ අනුමතිය මත මෙම බදවා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන බවයි නිලධාරීන් ප්‍රකාශ කළේ.

එසේම විවිධ විෂමාචාර ක්‍රියා සදහා චෝදනා ලැබූ කොන්දොස්තරවරුන් දිවයින පුරා ඩිපෝ 107ක 500කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් මෙහිදී අනාවරණය වුණා. පරීක්ෂණ අවසන් කරන තුරු ඔවුන්ට වැටුප් ගෙවීමට සිදුව ඇති බවද මෙහිදී නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

ආයතනයේ වැ‍ටුප් තල ඉතා පහළ අගයක් ගැනීම නව බඳවා ගැනීම්වලට විශාල ගැටලුවක් බවයි නිලධාරීන් සඳහන් කළේ.

වැටුප් සංශෝධන පිළිබදව පාර්ලිමේන්තුවේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවධානයට ලක්විය යුතු කරුණු දැනුම් දෙන ලෙස කාරක සභා සභාපති නාලක කෝට්ටේගොඩ නියෝග කළා.

එසේම ඉන්ධන භාවිතය සහ කළමනාකරණය පිළිබද දළ වාර්තාවක් ද කමිටුවට ලබා දෙන ලෙස ද උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
01:23
Video thumbnail
මහ පාරේ රේස් යන බස් රථ
00:39
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි
00:38
Video thumbnail
අවුරුදු 4ක පුංචි දරුවෙක්ව පාළු පාරක දාලා ගිය හැටි මෙන්න
00:46
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:11
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා - විදුලිය කපන්නේ නෑ
02:10