ලංකාව ණය දෙන්න සුදුසු රටක් ද ? රට වැටුණු තැන ගැන හෙළිදරව්වක්

ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාව C කාණ්ඩයේ රටක් ලෙස වර්ගීකරණය කිරීම ඉහළ අවදානමක් ඇති ණය ශ්‍රේණියක් බවත්, එවැනි රටකට ණය දීම කොතරම් සුදුසු ද යන්න එමඟින් පිළිබිඹු වන බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසනවා.

මේක අපි හදා ගත්ත ප්‍රශ්නයක් නේ මේ අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. අපි ඇත්ත වශයෙන්ම අමනෝඥ ප්‍රතිපත්ති කිහිපයක්ම ගෙනවා 2019, ඊට එහාටත් මට යන්න ප්‍රළුවන්, නමුත් අපි 2019 න් 2020 න් ඔය කෝවිඩ් තත්ත්වය පටන් ගන්න මාස කිහිපයකට කලින් පටන් ගත්තොත්, ඉතාමත් අමනෝඥ ආර්ථික ප්‍රතිපත්ති, මම හිතන්නේ වෘතීමය දැනුමක් තියන අයගෙන් අහන්නෙවත් නැතුව ගෙනාපු ප්‍රතිපත්ති කිහිපයක් තියනවා.

මේවා එනකොට අපේ තිබුණ රජයේ තිබුණ මුල්‍ය තත්ත්වය ඉතාමත් අවාසනාවන්ත ලෙස, අනතුරුදායක ලෙස කඩා වැටුණා. එතකොට මේ ශ්‍රේණිගත කිරීමේ ආයතන, ජාත්‍යන්තර ආයතන ලෝකයේ තියනවා, තම තමන්ට සුවිශේෂ වුණු වර්ගීකරණයන් තියනවා. ඒ වර්ගීකරණයන්ට අනුව මේවා ඔක්කොම එක සමාන වෙන්නේ නැහැ. නමුත් සමස්ථයක් වශයෙන් ගත්තහම දළ වශයෙන් ඒවා සමාන මට්ටමක තියනවා.

දැන් ලංකාවේ ණය ශ්‍රේණිය තිබුනේ B grade එකේ තමයි. ඔය හැම ආයතනයකම 2019 වෙනකොට B grade එකේ. එතකොට ඕකේ තියනවා B+, B, BB, BBB තියනවා, එක එක ආයතන වල හැටියට. එතකොට මේ හැම ආයතනයක්ම 2020 සිට මේක කිහිප වතාවක්ම මේක පහළට දාලා C grade එකට ගෙනාවා. එතකොට දැන් අපි ඉන්නේ C grade එකේ විවිධ categories වල තමයි ලංකාව ඉන්නේ.එහෙම ගෙනාවේ දැන් මේ ණය ශ්‍රේණිගත කිරීම් වලින් කරන්නේ ණය ශ්‍රේණි වල සුදුසුකම අවශේෂ ලෝකයට පැහැදිලි කිරීමක්. එතකොට ලංකාව ණය දෙන්න කොච්චර සුදුසු රටක් ද කියන එක තමයි මේකෙන් පෙන්වන්නේ.

එතකොට ඒක පහල යනවා කියන්නේ එච්චර හොඳ සුදුසු රටක් නෙවෙයි මේක ණය දෙන්න. ඉතින් C වලට එනවා කියලා කියන්නේ අපි ඕකට කියන්නේ Junk status මේකේ අවදානම වැඩි මේ වගේ රටකට ණය දෙනවා කියන එක. ඒක දැන් අපිට පැහැදිලි නේ. අපට දැන් ණය ගෙවන්න බැහැ කියන මට්ටමට අපි දැන් ජාත්‍යන්තරව ප්‍රකාශ කරලා ඉවරයි. ඉතින් එතකොට අපිට පේනවා පැහැදිලිවම ඒ කාලේ ගොඩක් අය තර්ක කළා, ඔයගොල්ලෝ මේ කියන දේ වැරදි අපි එහෙම වැටිලා නෑ කියලා ගොඩක් අය තර්ක කළා. හැබැයි අන්තිමට අපි මේ වන විට ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන එදා කියපු පහළට දැමීමේ ශ්‍රේණිගත කිරීම හරි කියන එක පැහැදිලි වෙලා තියනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50