ලංකාව ගැන ඇසෙන සුභ ආරංචිය

සංචාරකයන්ගේ පැමිණීම යළිත් ඉහළ යමින් පවතින බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පැවසිය.

මේ අනුව මෙම මාසයේ මුල් සති දෙක තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 17000 ඉක්මවා තිබේ.

රට තුළ පැවැති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ සංචාරක පැමිණීම ක්‍රම යෙන් පහත වැටුණත් යළි ක්‍රමයෙන් රට ස්ථාවර වීමට පටන් ගැනීමත් සමග මෙසේ සංචාරක පැමිණීම් වර්ධනය වී තිබේ.

බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවල් මෙන්ම ඉන්දියාව සහ කැනඩාව වැනි රටවල්වලින් ද වැඩි වශයෙන් සංචාරකයන් පැමිණීම සිදුවෙමින් පවතී.

මැයි මාසයේ දෛනික සංචාරකයන් පැමිණීම 650 දෙනෙකුට සීමා වූ අතර මේ වනවිට එය 1,600ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
50
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?