ලංකාවට ණය දෙන්න ‘ප්‍රමාණවත් සහතිකයක්’ අවශ්‍යයි – IMF

ඕනෑම ගනුදෙනුවක් සඳහා ශ්‍රී ලංකාවේ ණය තිරසර මාවතකට ගෙන යා හැකි බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය වනු ඇතැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.

රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මෂිහිරෝ නොසාකි මහතා පවසා ඇත්තේ, අඟහරුවාදා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සමග ණය දීමේ විකල්ප සහ ප්‍රතිපත්ති සැලසුම් සාකච්ඡා කළ බවයි.

ශ්‍රී ලංකාවේ උග්‍ර ගෙවුම් ශේෂ ගැටලු විසඳීමට සහ ආර්ථිකය හැකි ඉක්මනින් තිරසර වර්ධන මාවතකට ආපසු ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය සහිත වැඩසටහනක් සැලසුම් කළ යුතු බව ඔහු සඳහන් කර තිබේ.

නොසාකි මහතා අවධාරණය කර ඇත්තේ, එසේ වුවත් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ජනතාව, විශේෂයෙන් දුප්පත් ජනතාව සහ අවදානමට ලක්විය හැකි අය විඳින දුෂ්කරතා පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා කනස්සල්ලට පත්ව සිටින බවයි.

ක්ෂණික මූල්‍ය පහසුකම් ලබාදීම සලකා බැලීම සඳහා ණය ආපසු ගෙවීමේ ඇති හැකියාව පරීක්ෂාකර බැලීම අවශ්‍ය වනු ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා අවධාරණය කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17
Video thumbnail
රාජපක්ෂලා වැරදි කරලා නම් ම#රණ දඬුවම් දුන්නත් කමක් නෑ
05:29
Video thumbnail
රට පුරා ප්‍රදේශ රැසකට අදත් තද වැසි
03:03
Video thumbnail
ප්‍රසිද්ධ පාසලක මත් ජාවාරම් කරන ගුරුවරු, විදුහල්පතිතුමියව එළවන්න හදනවා
05:42