රට පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකට කොවිඩ් වැලඳී ඇතැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමය අනාවරණ කරයි.
මේ පිළිබඳ අදහස් දක්වමින්, එම සංගමයේ සභාපති, සමන් රත්නප්‍රිය මහතා සඳහන් කර සිටියේ, මේ වනවිට ජාතික රෝහලේ හෙද නිලධාරින් 150කට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් වැලඳී ඇති බවය.
“ජාතික රෝහලේ හෙද නිලධාරීන් 150කට කොවිඩ්. මාළිගාවත්ත රෝහල ගත්තත් හෙද නිලධාරින් 20කට වගේ කොවිඩ් වැලඳිලා තියෙන්නේ. කළුබෝවිල ගත්තත් රාගම ගත්තත් දිනපතා වාර්තා වෙන්නේ, අපේ වාට්ටුව පොසිටිව් අපේ යුනිට් එක පොසිටිව්, අල්ලපු නර්ස් පොසිටිව් වගේ කතා තමයි.”
මේ අතර, පවතින වාතාවරණය යටතේ අසත්‍ය තොරතුරුවලට නොරැවටී කඩිනමින් බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.














