රෝහලකින් ඇසුණු “සුරංගනා කතාවක්” නොවූ සත්‍ය කතාවක්

කිලිනොච්චිය රෝහලේදී වයස අවුරුදු 19ක් වූ මවකට දාව ඉපදුනු පුංචි දියණියක් සම්බන්ධයෙන් මුහුණු පොතේ තබා තිබු සටහනයි මේ… කෙත්සි බබා (කෙත්සි කියන්නේ ඇගේ අම්මාගේ නමෙන් අහුලා ගත් කොටසක්) ඉපදෙන්නේ කිලිනොච්චි මහා රෝහලේ ඉතාම නොමේරූ ඉතාම අඩු බර දරුවෙක් ලෙස ගර්භනී සමයේ 25වන සතියේදී ඉපදෙන ඇයගේ උපත් බර ලෙස සටහන් වන්නේ ග්‍රෑම් 630ක්.

සාමාන්‍යයෙන් දරුවකු ජීවත් කිරීම පවා අසීරු මෙම ඉතාම නොමේරූ අවදියේ ඉපදෙන ඇයගේ පණ කෙන්ද ආරක්ෂා කරගන්නට උපන් මොහොතේ ඉඳන්ම වගකියන්නේ කිලිනොච්චි රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය තුමා ප්‍රමුඛ ව එහි වෙද,හෙද කණ්ඩායමයි. හුස්ම ගැනීම ට පවා අපහසු ඒ නොමේරූ පෙනහළු මැෂින් වලට අමුණා, ඖෂධ, ප්‍රතිජීවක,රතු රුධිරාණු, රුධිර පට්ටිකා ආදී අටරෝසියක් බෙහෙත් සහ ප්‍රතිකර්ම, රැයක් දවාලක් නොබ ලා, බොහොම සීරුවට ලබා දීම නිසා, මේ දරුවා සියලු සන්කූලතා මැඩ ගෙන කෙසේ හෝ ජීවත් වීමට වාසනාව ලබනවා.

උපතින් සති දෙකක අවසන ඇය කෘතිම ශ්වසන ආධාරක හෝ ඔක්සිජන් කිසිවක් අවශ්‍ය නැති, කුඩා මී පැටියෙක් වැනි පෙනුමැති, පණ ගැහෙන පුංචි ජීවිතයක්!! ( එවිට බර ග්‍රෑම් 570ක් පමණ!) ඉතින් මේ ඔක්කොම වැඩ කටයුතු නොමේරූ ළදරු ඒකකයක වැඩ කරන අපට අයිති රාජකාරි කියමුකෝ.

ප්‍රශ්න පටන් ගන්නේ මේ කුඩා දැරියගෙ අම්මා ඇයව එපා කියලා රෝහලෙන් යන්නටම ගියාම! අවුරුදු 19ක මව උසාවියට කියා සිටිනවා ඇය අවිවාහක බව සහ දරුවා ට පියෙක් නොමැති බව. දරුවා ජීවත් වුවහොත් පරිවාසයකට බාර දෙන පොරොන්දුව පිට , අප එක්කයේ ද අනුමැතිය ඇතිව උසාවිය ඇයට යන්න ට ඉඩ දෙනවා. එතැනින් එහාට මේ පුංචි කෙල්ලගේ ජීවිතය පිළිබඳව සහ අයිතිය පිළිබඳව සියලු වගකීම අප නොමේරූ ළදරු ඒකකය මත පැටවෙනවා.

ලොකුම ප්‍රශ්නෙ දරුවාට සති 3ක් විතර වෙලා සම්පූර්නයෙන් මව් කිරි වලින් පමනක් ජීවත් කරවන්නට පුළුවන් තරමට සුව උනා ම කිරි දෙන්නට අම්මෙක් නැති වීම! ටික දවසක ට වෙනත් pbu එකේ ලෙඩ දරුවන් ගේ අම්මලා ඇයගේ කිරි දෙන වැඩේට සහාය වෙනවා..

ඒත් ඉන්පසු විසඳුමක් නැති නිසා අපිට නොමේරූ ළදරු කිරිපිටි ඇයට පටන් ගැනීම ට සිදු වෙනවා. කොහොමහරි අම්මෙක්ගේ කිරි පොදක්, උණුහුම ක්, ආදරයක් නැතිව, චූටි විදුරු පෙට්ටියක් ඇතුලේ මේ චූටි මී පැටියෙක් වගේ දරුවා දවසින් දවස ලොකු වෙනවා.. ඇයගේ බෙහෙත් හේත් වලට අමතරව සියලු සාත්තු සප්පායම් සිදු කෙරෙන්නේ අපේ නොමේරූ ළදරු එක්ක යේ කාර්ය මණ්ඩලය අතින්.

ඇයට ඇඳුම් නැහැ, කිරි පිටි නැහැ, පැම්පර්ස් නැහැ. . ඒ සියලු දේටම විශේෂඥ වෛද්‍යතුමා ගේ පටන් මුළු එක්කයේම වෙද, හෙද, සාත්තු සේවක සියලු දෙනා ඇප කැප වෙනවා. වීදුරු පෙට්ටියෙන් එළියට ගන්න තරම් ලොකු උනාම ( බර කිලෝ 1.3 ක්) අපි ඇය වෙනුවෙන් ලස්සන තොටිල්ල ක් හදනවා.. කොට්ට , ඇතිරිලි, සෙල්ලම් බඩු , වෛවර්ණ ඇඳුම් දවසෙන් දවස ඇයට එකතු වෙනවා…

කිරි පිටි ඉවරවෙනකොට කවුරුහරි දුවල ගිහින් ඇයට කිරිපිටි ගේනවා. පැම්පර්ස් ගේනවා.. කිසිම අඩුපාඩුවක් කරන්නේ නෑ. රෝගී දරුවන් 20ක් බලනගමන් අපේ කරුණාවන්ත හෙදියන් මේ කෙල්ල ට කිරි හදා පොවනවා.. උදේ ට හවසට ඇය ව නාවනවා..කවුරුන් හෝ තෑගි දුන් ලස්සන ගවුම් ඈ ට අන්දනවා.

අපි ටිකට් වල ලියන කටයුතු, මුදා හැරීමේ කාඩ්පත් ලිවීම් කරන්නේ කෙල්ලව වඩාගෙන.. මාස 3 ත් පනිද්දී හොඳටම හුරතල් වෙන්න පුරුදු වෙලා කෙල්ල රෑ එළි වෙනකම් අඬන වා. කිරි දුන්නත් නිදි කරවගන්න බෑ.ඉතින් ඒ වෙලාව ට වඩා ගෙන කොරිඩෝ දිගේ ඉස්පිරිතාලේ වටේ ඇවිදින්න ඕන!! ඉතින් ඔන්න ඔහොම ලොකු වෙලා හුරතලේට ලස්සනට හැදිච්ච අපේ නොමේරු ළඳරු ඒකකයේ ඉන්න පුංචි කුමාරිට දැන් වයස මාස 5ක්!

අම්මෙක් තාත්තෙක් නැති උනත් දෙමවුපියෝ ඉන්න දරුවෙක් හැදෙන වැඩෙන තරම් ආදරයෙන්, සැප පහසුවෙන් ඇය අපේ කිලිනොච්චි නොමේරූ ළදරු එක්ක යේ ලොකු වෙනවා.. ඉතාම අඩු බරින් උප න් ඇයගේ දැන් බර කිලෝ 3කට ආසන්නයි. දැන් චූටි අත පය නටවනවා.

අපි එක්ක හිනාවෙනවා. ඔඩොක්කුවෙ වාඩි වෙලා හුරතල් වෙනවා… වීදුරු පෙට්ටියක් ඇතුලේ හුස්ම ගන්න වත් බැරුව උගුරෙන් පහළට බට දාගෙන හිටපු පුංචි මී පැටියෙක් වගේ කෙල්ලමද මේ ඉන්නේ කියලා වෙලාවකට හිතෙනවා. ඒ වෙලාවට දැනෙන සතුට වචනයෙන් කියන්න බෑ. ඔව් එයා තාම අපි ළඟ.

පරිවාස යට බාර දෙන්න කියලා උසාවි නියෝගයක් එනකම්ම එයා කිලිනොච්චි රෝහල් නොමේරූ ළදරු එක්ක යේ අපිත් එක්කම ඉඳීවි. එක අම්මෙක් තාත්තෙක් නෙවෙයි එයාට ආදරේ කරන අම්මලා තාත්තලා ගොඩක් එක්ක. කොයි තරම් ලොකු වගකීම ක් උනත්, කවදා හෝ එයා අපේ එකකයෙන් නිදහස් වෙනකම් අපි ඔක්කොම එකම පවුලක් වගේ එයාව බලාගන්න තීරණය කරලා ඉවරයි.

එයා වෙනුවෙන් දරන්න වෙන මහන්සිය සහ වියදම් අපි කොහොමහරි දරනවා.. ඒ ක අපේ රස්සාවට අදාලද නැත්ද , කියලා අපි මොහොතකටවත් කල්පනා කරලා නෑ. කුඩා දරුවෙක් ඔබට සිටිනවා නම් ඔබ දන්නවා ඇති ළමයා වෙනුවෙන් දරන්න වෙන මහන්සිය සහ වියදම.

සමහර විට ඔබ දරුවා බලාගන්නේ දෙමවුපියන් සේවක සේවිකාවන් ගේත් උදව්වෙන් වෙන්න ඇති. එහෙත් පැය 24ක සේවා මුරයක් කරනගමන් (ඉතාම කාර්යබහුල, තවත් රෝගී දරුවන් 15ක් 20ක් අතර සිටින නෙමේරු ළඳරු ඒකකයේ) අපි ඔක්කොම එකතුවෙලා මේ අපිට අයිතියක් වත් උරුමයක් වත් නැති, අපේ නොවෙන දරුවෙක්ව අපේ වගේ බලා ගන්නවා.

ඇය මේ ලෝකේ වාසනාවන්තම දැරියක් නෙවෙයි ද? සුරංගනා කතාවක් නොවේ. කිලිනොච්චි නොමේරූ ළදරු ඒකකයට ආවොත් හැබැහින් ම ඇයව දැක බලා ගන්න පුළුවනි…!

විශල්‍යා වීරසේකර –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
77
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29