සෑම කෙනෙකුටම වෙනස් ඉරණමක් ඇත. ඉරණම යහපත් ලෙස වෙනස් කිරීම කළ නොහැක්කක් නොවේ. රීටා ගෙවියෝලා නම් කාන්තාවක ගැන දැන් අග්නිදිග ආසියානු සමාජ මාධ්‍ය විශාල වශයෙන් කතාකරන්නට පටන්ගෙන තිබේ.
ඊට හේතුවී ඇත්තේ පිලිපීනයේ රූ රැජිණ තරග ජයග්‍රාහිකාවක වී ඉදිරි විශ්ව රූ රැජිණ තරගය සඳහා එරට නියෝජනය කරමින් සහභාගීවන්නට අපේක්ෂාවෙන් සිටින ඇයගේ අතීතය ගැන සිදු කළ ඡායාරූපමය හෙළිදරව්වක් නිසාය.පිලිපීන ජාතික තරුණිය මීට වසර 5 කට පෙර 2016 දී ඇගේ උපන් ගම වන ක්වසන් හි ලුක්බන් හි හිඟමනින් යදිමින් සිටියදී ඡායාරූපයකට හසුව තිබෙන අතර නගරයේ පාහියස් උත්සවයට සහභාගී වූ ඡායාරූප ශිල්පියෙකු ඇයව ඡායාරූපයකට ලබාගෙන තිබිණි. රීටා සහ ඇගේ සහෝදරිය සිඟමන් ඉල්ලමින් සිටින මේ ඡායාරූපය රීටාගේ ජයග්‍රහණයත් සමග සමාජ මාධය වෙත මුදාහරින්නට එකී ඡායාරූප ශිල්පියා කටයුතු කර තිබේ.
‘බඩ්ජාවෝ ගර්ල්’ නමින් රීටාගේ ඡායාරූපය රහසිගතව සමාජ මාධ්‍ය වෙත උඩුගත කර තිබූ අතර හදිසියේම එය රැල්ලක් මතු කළේය.
දැන් ඔහු පිලිපීනයේ විශ්ව රූ රැජින 2021 ට සහභාගී වන ඇය සමග ඡායාරූපය එකට ප්‍රසිද්ධ කරමින් පවතී.
ඇය සත්‍ය ලෙසම එවන් ජීවිතයක් ගත කර තිබේ. ඒ බව ඇය සඟවන්නේ නැත. ජාත්‍යන්තර මට්ටමේ රූපවාහිනී ටෙලි කතාවකට ඇය මුලින් තෝරාගෙන තිබුණි. පසුව එරට රූපවාහිනී රියලිටි ටීවී වැඩසටහනකටද එක්වීමෙන් පසු ඇගේ පෙනුම නිසා තවත් ප්‍රකටවිය. ඇය රූ රැජිණ තරගයට ඉදිරිපත්වූයේ ඉන් අනතුරුවය.
රීටා මේ වනවිට පිලිපීනයේ අතිශය ප්‍රකට නිරූපිකාවක සහ වාණිජ දැන්වීම් තරුවකි. විශ්ව රූ රැජින රූ රැජිණ තරඟයට පිලිපීනය නියෝජනය කිරීමට ඇය පසුගියදා තේරී පත්වූවාය.
පාරේ අයිනේ අපිරිසිදු පෙනුමක් ඇති හිඟන්නියක වී සිටියත්, රීටා ගැවියෝලාගේ ඉරණම දැන් වෙනස් වී වාසනාවන්තියක වී ඇත.
“ලෝකයේ පරිපූර්ණ අලංකාරයක් නොමැත, ඔබට අඩුපාඩු තිබුන්නට හැකිය. නමුත් අලංකාරයත් හැමදාම නොපවතිනු ඇත, විශ්වය ඉක්මනින්ම නැති වී යන දෙයකි” යනුවෙන් රීටා බදාදා සමාජ මාධ්‍ය වෙත දන්වා සිටියාය.




















U are young only once ! Before U know it, it will be gone !! Such is life. (And yet people only notice youthful beauty – the rest as irrelevant)