AFC Banner
Empty Ad
Empty Ad

රුසියාවේ යුද්ධයෙන් මිය ගිය ස්වේච්ඡා සේවකයන් ගණන 70,000 ඉක්මවයි

බීබීසී විසින් සිදුකරන ලද පර්යේෂණයකදී හෙළි වී ඇත්තේ, රුසියානු හමුදාවේ සටන් කරන පුද්ගලයින් 70,000කට වැඩි පිරිසක් මේ වන විට යුරේනයේ දී මියගොස් ඇති බවයි.

2022හි දී රුසියාව පූර්ණ පරිමාණ වශයෙන් යුද්ධය ආරම්භ කළ දා සිට මියගිය වැඩිම සංඛ්‍යාව එය වන බවයි වාර්තා වන්නේ.

සෑම දිනකම, යුක්‍රේනය මියගිය පුද්ගලයින්ගේ නම්, ඔවුන්ගේ අවමංගල්‍ය උත්සව සහ ඡායාරූප බොහෝමයක් පසුගිය කාල සීමාව තුළ සමාජ ජාලවල ප්‍රකාශයට පත්කර තිබෙනවා.

බීබීසී විසින් මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ, යම් යම් සාක්ෂි මත පදනම් වෙමින් සහ මියගිය අයගේ ඥාතීන් විසින් බෙදාගන්නා ලද කරුණු මත පදනම් වෙමින්.

එහිදී මියගිය පුද්ගලයින් ගණන 70,112 වන අතර සත්‍ය සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.

බීබීසීය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් මරණය පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියේ පවසන්නේ නැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?