රුමේනියාවේ රැකියා දෙන බව පවසා කෝටි ගණනක් ගැරූ කතක් රිමාන්ඩ්

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 08කට වැඩි මුදලක් වංචා කළ බව කියන සැකකාරියක් අප්‍රියල් 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා 02 වැනිදා නියම කර තිබෙනවා.
.
මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මාලිගාවත්ත – ලක්විරු සෙවන නිවාස සංකීර්ණයේ සැගවී සිටියදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ කාන්තාවක්.

විදේශ රැකියා ලබා දීම සඳහා සැකකාරිය බලපත්‍රයක් ලබා ගෙන රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

රුමේනියාවේ ක්ෂේත්‍ර කීපයක රැකියා ලබා දීම සඳහා ද ඇයට අවසර තිබී ඇති බව සඳහන්.

නමුත් තමන්ට අවසර නොමැති රැකියා ක්ෂේත්‍ර සඳහා යොමු කරන බව පවසමින් සැකකාරිය මුදල් ලබා ගෙන ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි ලැබී තිබෙනවා.

සැකකාරියට මුදල් ලබා දී රැකියා නොලැබුණු පුද්ගලයින් 88 දෙනෙකු ඒ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිළි කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් විමර්ශණයක් පැවැත්වීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණෙන ලෙස විමර්ශණ නිලධාරීන් ඇයට දන්වා ඇති නමුත් ඇය විමර්ශණ නිලධාරීන් ඉදිරියේ පෙනී නොසිට සැගවී සිටියි.

මෙම වංචාවට සම්බන්ධ බව කියන සැකකාරිය පවත්වා ගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයේ සේවය කළ කළමණාකරු සහ තවත් අයෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ සිදු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?