රුමේනියාවේ රැකියා දෙන බව පවසා කෝටි ගණනක් ගැරූ කතක් රිමාන්ඩ්

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 08කට වැඩි මුදලක් වංචා කළ බව කියන සැකකාරියක් අප්‍රියල් 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා 02 වැනිදා නියම කර තිබෙනවා.
.
මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මාලිගාවත්ත – ලක්විරු සෙවන නිවාස සංකීර්ණයේ සැගවී සිටියදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ කාන්තාවක්.

විදේශ රැකියා ලබා දීම සඳහා සැකකාරිය බලපත්‍රයක් ලබා ගෙන රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

රුමේනියාවේ ක්ෂේත්‍ර කීපයක රැකියා ලබා දීම සඳහා ද ඇයට අවසර තිබී ඇති බව සඳහන්.

නමුත් තමන්ට අවසර නොමැති රැකියා ක්ෂේත්‍ර සඳහා යොමු කරන බව පවසමින් සැකකාරිය මුදල් ලබා ගෙන ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි ලැබී තිබෙනවා.

සැකකාරියට මුදල් ලබා දී රැකියා නොලැබුණු පුද්ගලයින් 88 දෙනෙකු ඒ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිළි කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් විමර්ශණයක් පැවැත්වීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණෙන ලෙස විමර්ශණ නිලධාරීන් ඇයට දන්වා ඇති නමුත් ඇය විමර්ශණ නිලධාරීන් ඉදිරියේ පෙනී නොසිට සැගවී සිටියි.

මෙම වංචාවට සම්බන්ධ බව කියන සැකකාරිය පවත්වා ගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයේ සේවය කළ කළමණාකරු සහ තවත් අයෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ සිදු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28