රුපියල් ලක්ෂ 50ක වටිනාකමකින් යුත් හෙරොයින් විකිණූ අඹුසැමි යුවළක් හසුවෙයි (වීඩියෝ)

පානදුර හා අවට ප්‍රදේශ රැසකටම හෙරොයින් ජාවාරමේ නිරත වූ අඹුසැමු යුවළක් ලක්ෂ 50කට ආසන්න වටිනාකමක් සහිත හෙරොයින් සමඟ වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, පානදුර නගරය කේන්ද්‍ර කර ගනිමින් මහා පරිමාණ හෙරොයින් ජාවාරමක් සිදුවන බවට කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත පානදුර අලුත් පාලම අසල දී සැක සහිත ලෙස ගමන් ගත් වෑන් රථයක් නවතා පරීක්ෂා කිරීමේ දී එම වෑන් රථයේ ගමන් ගත් කාන්තාවගේ ගමන් මල්ලේ තිබී 500gකට ආසන්න හෙරොයින් සහ ජාවාරම් මුදල් රුපියල් 60000ක මුදලක්, ජාවාරම සඳහා භාවිතා කළ ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගැනුණු බවයි.

වැඩිදුර සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මෙම යුවළ හොරේතුඩුව ප්‍රදේශයේ තාවකාලිකව කුලියට ගත් නිවසක සිට මෙම ජාවාරම සිදු කරන බවයි.

පානදුර ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම් සිදු කරන මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පානදුරේ සුද්දා නමැති අයගේ හෙරොයින් මෙම අඹු සැමි යුවළ විසින් ගෙනැවිත් එම තාවකාලික නිවසේ ඇසුරුම් කර විවිධ ස්ථානවලට බෙදා හරින බවත් හෙළි ව තිබෙනවා.

පානදුර, වාද්දුව, මොරටුව, හොරේතුඩුව ආදී ප්‍රදේශ රැසකටම මෙම වෑන් රථය භාවිතා කරමින් ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට ද තොරතුරු අනාවරණ වී ඇතැයි පැවසෙන්නේ.

මෙසේ අත්අඩංගුවට පත් වූයේ වයස අවුරුදු 50 සහ 48 පසු වන අඹුසැමි යුවළක්.

අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයාට මීට පෙර ද ගංජා ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් හෙළි ව තිබෙනවා.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර, පිරිමි පුද්ගලයාට රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ළඟට වැඩම කළ සමන්ත භද්‍ර හිමි
00:22
Video thumbnail
ආයේ මේ ආත්මෙට මාලිමා ආණ්ඩුවක් හැදෙන්න නෑ
12:04
Video thumbnail
රටම දන්න ප්‍රසිද්ධ බීම කඩේක කුණු ටික මහ පාරට දාලා - සේවකයින් වැඩ වරද්දගත්ත හැටි
01:33
Video thumbnail
දේශපාලනයෙන් මොහොතකට මිදී… සුරතලුන් සමඟ ආදරය බෙඳාගත් සජිත්
00:38
Video thumbnail
පොලිස් නිලධාරීන්ටත් ප#රදෙන්න හැදූ සැකකරුවන්ට පොලිසියෙන් වෙ#D
01:42
Video thumbnail
නාමල් එක්ක අපිට එකතුවෙන්න බෑ? එහෙම තැනක මට හිටගෙන ඉන්න බෑ
03:29
Video thumbnail
පපරේ සද්දෙ මැදින් කෝවිලට ආ රෝහිත - මාර පිළිගැනීමක් දෙන්නේ
01:19
Video thumbnail
පෙරහැරයක් මැද අලියෙක් කුලප්පු වෙලා ඇති වූ උණුසුම් තත්ත්වය
01:17
Video thumbnail
මේ දේවාලේ ඇවිත් ඉන්නේ කවුද කියලා අදුරනවද බලන්න..
00:21
Video thumbnail
බූමරංගය කැරකිලා ආපහු ආණ්ඩුවේ පැත්තටම එනවා
12:28