රුපියල් මිලියන 11 ක වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝග්රැම් 35 ක් පොලිස් භාරයට

නාවික හමුදාව, යාපනය මාමුනෙයි ප්‍රදේශයේ ඊයේ(19) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්රැම් තිස්පහකට අධික තොගයක් සොයාගත් බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව පැවසූවේ  උතුරු නාවික විධානයට අයත් නාවික නිළධාරීන් යාපනය, මාමුනෙයි ප්‍රදේශයේ මාර්ගයක් අසල අතහැර දමා තිබූ කේරළ ගංජා තොගයක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කුඩා පාර්සල 18 ක අසුරන ලද කේරළ ගංජා කිලෝග්රැම් 35 ග්රැම් 900 ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබිණ.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 11 කට අධික වෙතැයි විශ්වාස කරන අතර, ගංජා තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් උතුරු නාවික විධාන නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.