රුපියල් ට්‍රිලියනේ රේගු ජයග්‍රහණයට ඇත්ත ම හේතුව නිර්දේශපාලනික වීමයි (ඡායාරූප)

අනවශ්‍ය දේශපාලන මැදිහත් වීම්වලින් තොරවීම රේගුවේ රුපියල් ට්‍රිලියනයේ ආදායම් ජයග්‍රහණයට හේතුවක් බව ශ්‍රී ලංකා රේගු අධිකාරියේ රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් පවසනවා.

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියනයක ආදායමක් වාර්තා කිරීම සඳහා එම නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරගෙන යාමට දේශපාලන අධිකාරිය විසින් අවශ්‍ය පසුබිම නිර්මාණය කර තිබීම මෙම ජයග්‍රහණයට බලපෑ ප්‍රධාන හේතුවක් බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

ඒ මහතා පෙන්වා දෙන්නේ බඳවා ගැනීම් සම්බන්ධයෙන් හෝ වරදකරුවන්ට දඩ අවම කිරීම හෝ මුදා හැරීම සම්බන්ධයෙන් කිසිදු දේශපාලන මැදිහත්වීමක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් හෝ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටියගෙන් එල්ල වී නොමැති බවයි.

රුපියල් ට්‍රිලියනක වාර්තාගත ආදායමක් ලබා ගැනීම වෙනුවෙන් අද (10) පෙරවරුවේ ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

අවශ්‍ය අවස්ථාවල දී ගැටලු විසඳා ගැනීමට මැදිහත් වීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හැකි උපරිම ආකාරයෙන් කටයුතු කරමින් වඩාත් සුහදව කටයුතු කළ බව ද හෙතෙම පෙන්වා දුන්නා.

වසරේ රේගුවේ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 1537 වෙත ළගා වීමට රේගුව හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළ නෝනිස් මහතා මේ සියලු කටයුතු වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා කළ නිලධාරීන්ට, වෘත්තීය සමිති නියෝජිතයන්ට සේම ජනතාවට තමන් අතිශයින් කෘතඥ වන බවයි පැවසුවේ.

WhatsApp Image 2024 09 10 at 17.38.18
WhatsApp Image 2024 09 10 at 17.38.16
WhatsApp Image 2024 09 10 at 17.38.14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
8
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11