පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ චරිතයට, කීර්ති නාමයට හානි වන ආකාරයට අමාත්‍ය විමල් වීරවංශ විසින් ප්‍රසිද්ධ දේශනයකදී සිදු කළේ යැයි කියන ද්වේශ සහගත ප්‍රකාශය යළි සිදු කිරීම, ප්‍රචාරණය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අමාත්‍ය විමල් වීරවංශ අමාත්‍යවරයාට සහ මාධ්‍ය ආයතන තුනකට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කරනු ලැබුවා.
පසුගිය මාර්තු මස 9 දා කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී අමාත්‍ය විමල් විරවංශ තමා සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය කර ඇති බව රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සිය පෙත්සමෙන් පවසා සිටියි.
එම ප්‍රකාශය දෙරණ, හිරු, ස්වර්ණවාහිනී යන නාලිකා වල ප්‍රවෘත්ති තුලින් ප්‍රචාරය වූ බව පැමිණිලිකරු පවසා සිටියේ.
ඒ අනුව හිටපු අමාත්‍ය බදියුදීන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළක්වමින් අමාත්‍ය විමල් වීරවංශ හා දෙරණ, හිරු හා ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකා වෙත ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ලෙස කෙරුණු ඉල්ලීම ද කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් අද ප්‍රතික්ෂේප කරන ලදී.
මෙම නඩුව යළි ජනවාරි මස 24දා කැඳවීමට නියමිතය.




