රිෂාඩ්ට එරෙහිව ඇමති විරවංශ සිදුකළ ප්‍රකාශය ගැන අධිකරණයෙන් දුන් තීන්දුව

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ චරිතයට, කීර්ති නාමයට හානි වන ආකාරයට අමාත්‍ය විමල් වීරවංශ විසින් ප්‍රසිද්ධ දේශනයකදී සිදු කළේ යැයි කියන ද්වේශ සහගත ප්‍රකාශය යළි සිදු කිරීම, ප්‍රචාරණය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අමාත්‍ය විමල් වීරවංශ අමාත්‍යවරයාට සහ මාධ්‍ය ආයතන තුනකට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කරනු ලැබුවා.

පසුගිය මාර්තු මස 9 දා කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී අමාත්‍ය විමල් විරවංශ තමා සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය කර ඇති බව රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සිය පෙත්සමෙන් පවසා සිටියි.

එම ප්‍රකාශය දෙරණ, හිරු, ස්වර්ණවාහිනී යන නාලිකා වල ප්‍රවෘත්ති තුලින් ප්‍රචාරය වූ බව පැමිණිලිකරු පවසා සිටියේ.

ඒ අනුව හිටපු අමාත්‍ය බදියුදීන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළක්වමින් අමාත්‍ය විමල් වීරවංශ හා දෙරණ, හිරු හා ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකා වෙත ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ලෙස කෙරුණු ඉල්ලීම ද කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් අද ප්‍රතික්ෂේප කරන ලදී.

මෙම නඩුව යළි ජනවාරි මස 24දා කැඳවීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට Lockdown කිරීමේ අවදානමක් තියෙනවා ?හිටපු ජනපතිලා කැඳවලා..ජාතික ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කරන්න
02:08
Video thumbnail
ආණ්ඩුවේ ඩෝබිලා දාලා තමයි මාධ්‍යයට සත්තම දාන්නේ..මේවා ඕකපාතිකව වෙන දේවල් නෙවෙයි
02:28
Video thumbnail
ඉදිරියේදී තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක් සිදුවෙන්නේ..ඉන්ධන නිසා තැපැල් දෙපාර්තමේන්තුවටත් බාධා
05:09
Video thumbnail
ඊයේ රෑ ඉදලා ආණ්ඩුව රට්ටුන්ට ෆුල් ආතල් එකක් දුන්නේ..මේ ආණ්ඩුව ස්වයං වින්දනයක ඉන්නේ
02:51
Video thumbnail
තිස්ස කුට්ටි ජනපති අනුර ගැන ගුණ වයයි..ෂෙඩ්වල පෝළිම් නෑ..ජනපතිට Respect කරනවා
04:52
Video thumbnail
"මෙතන කිසිම පෝළිමක් නෑනේ යන්න මහත්තයා ඔය මයික් එක අරගෙන"බොරු කරන්න එපා ඔයා - අපි සතුටින් ඉන්නේ
02:09
Video thumbnail
අනුර කුමාර කළුකඩ මුදලාලියෙක්..ඉන්ධන මිල වැඩිකිරීම නිසා විමල්ට තද වෙයි
04:33
Video thumbnail
ඉන්ධන අර්බුදය නිසා චාමරට යකා නගියි..ඔයාලට කරන්න බැරිනම් අපිට දෙන්න..කොමිස් එක අඩු කරලා දෙන්නම්
04:33
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41