රිය අනතුරු දෙකක් – දෙදෙනෙක් රෝහලේ (ඡායාරූප)

අද (19) උදෑසන දිවයිනේ ප්‍රදේශ දෙකක වාර්තා වන පරිදි මාරක රිය අනතුරු දෙකක් සිදු ව තිබෙනවා.

ඉන් එකක් සිදුව ඇත්තේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයේ අලුයම 5.15 ට පමණ යි.

එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු ව තිබෙනවා.

හොරණ සිට නුවරඑළිය දක්වා මෙම රථය ධාවනය වී ඇති බවයි වාර්තා වන්නේ.

රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට විසි වී තේ වත්තකට පෙරළී ගොස් තිබෙනවා.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ.

නමුත් මෙම අනතුරින් මෝටර් රථයට බරපතළ හානි සිදු ව තිබෙනවා.

මේ අතර මින්නේරිය – හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටුඔය පාලම මත දී ද අද උදෑසන මෝටර් රථයක් හා මගී ප්‍රවාහන බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා හිඟුරක්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ ගමන් ගත් වයස අවුරුදු 05ක කුඩා දරුවෙකු හා තවත් කාන්තාවක්.

අද උදෑසන 6.30ට පමණ මෙම අනතුර සිදු ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය හබරණ දෙස සිට මින්නේරිය දෙසට ධාවනය වෙමින් පැවත තිබෙනවා.

අනතුරට ලක් වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථය කඳුරුවෙල සිට මහනුවර බලා ධාවනය වෙමිනුයි සිට ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිව්දෙනෙකු ගමන් කර තිබෙනවා.

බස් රථයේ සහ මෝටර් රථයේ රියදුරන්ගේ අපරික්ෂාකාරී සහ වේගවත් රිය ධාවනය අනතුරට හේතුව බවට හෙළි ව තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ කටයුතු මින්නේරිය පොලීසිය සිදු කරනු ඇති.

1 5
4 1
5 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?