spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රිය අනතුරින් පසු කතකට පහර දුන් කතුන් දෙදෙනෙකු අත්අඩංගුවට

කොල්ලුපිටිය – බම්බලපිටිය දෙස සිට ගාලු මුවදොර දෙසට ධාවනය වූ මෝටර් රථයක් ඉදිරියෙන් එම දෙසටම ධාවනය වූ ත්‍රී රෝද රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් ත්‍රී රෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියයන ලදී අනතුරින් පසු මෝටර් රථය පැද වූ රියදුරු පලා ගොස් ඇති අතර , අනතුර සිදු වන අවස්ථාවේ මෝටර් රථයේ පිටුපස ගමන්කළ කාන්තාවකට තවත් කාන්තාවන් දෙදෙනෙකු විසින් පහරදීමක් සිදු කරන ආකාරයේ දර්ශන රූපවාහිනී නාලිකාවල පුවත් අතරතුර හා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය විය .

මෙම පහරකෑමට ලක්වූ කාන්තාවකගේ ප්‍රකාශයක් කොල්ලුපිටිය පොලිස් ස්ථානය මගින් සටහන් කිරීමෙන් අනතුරුව මෙම පහරදීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු බම්බලපිටිය ප්‍රදේශයේදී කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත .

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 42 හා 64 වයස්වල පසුවන වැල්ලවත්ත හා එල්ලක්කල ප්‍රදේශවල පදිංචි සනීපාරක්ෂක සේවා සපයන පුද්ගලික ආයතනයක සේවිකාවන් දෙදෙනෙකි .

සැකකාරියන් (12) වන දින කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .

මෙම පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය හඳුනා ගෙන අත්අඩංගුවට ගැනීම සඳහා සී.සී.ටීවී . දර්ශන හා වීඩියෝ දර්ශන ඔස්සේ විමර්ශන සිදුකරන අතර , පලා යන ලද රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහාද කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?