රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු සහ තවත් පුද්ගලයකු මියයයි

ඊයේ (25) රාත්‍රියේ මරදන්කඩවල හීනුක්කිරියාව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

යතුරුපැදියක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අනතුරින් මියගොස් ඇත්තේ අනතුරට පත් යතුරු පැදිය පැද වූ බව කියන 65 හැවිරිදි පුද්ගලයකු හා එහි පසුපස ගමන්කළ බව කියන 47 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්.

මරදන්කඩවල හබරණ මාර්ගයේ හීනුක්කිරියාව විහාරස්ථානය ඉදිරිපිටදී ඊයේ (25) රාත්‍රි 9ට පමණ අනතුර සිදුව තිබෙනවා.

පොලිස් නිලධාරියා ඇතුලු දෙදෙනා ගමන්ගත් යතුරු පැදිය හබරණ සිට මරදන්කඩවල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

බරපතල තත්ත්වයේ සිටි පොලිස් නිලධාරියා ඇතුලු දෙදෙනා මරදන්කඩවල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ මොරගොඩ පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙක්.

ඔහු හීනුක්කිරියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර යතුරුපැදිය පැදවූ පුද්ගලයා ද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මෙම රිය අනතුරට සම්බන්ධ ලොරි රථය හා එහි රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පදවි ශ්‍රීපුර පදිංචි 30 හැවිරිදි අයෙක්.

පොලිස් අත්අඩංගුවටපත් එම රියදුරැ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

7 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?