රියැදුරු බලපත්‍ර ගන්නා අයට ඔක්තෝබරයේ සිට ක්‍රියාත්මක වන අලුත්ම පරීක්ෂණය

බරවාහන රියැදුරු බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන රියැදුරන්ට වෛද්‍ය පරීක්ෂණයට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීම (Drug Test) ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාතමක කරන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ පැවැසීය.

මේ වෙනුවෙන් සිදුකරන ලද නියමු ව්‍යාපෘතිය සාර්ථක වූ බවත්, බරවාහන රිය බලපත්‍ර අයැදුම්කරුවන් 500 ක් අතුරින් සිදුකරන ලද පරීක්ෂා කිරීම් මගින් පනහකට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයන් බවට හඳුනාගත් බවත් සභාපතිවරයා කීවේය.

ඒ අනුව ලබන මාසයේ සිට බරවාහන බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන රියැදුරන් සහ කල් ඉකුත් වූ බර වාහන රිය බලපත්‍ර අලුත් කරගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවන සියලුම රියැදුරන්ට මුත්‍රා සාම්පල මගින් සිදුකරන මෙම මත්ද්‍රව්‍ය පරීක්ෂාවට භාජනය කෙරෙන බවද දිවයින පුරා පිහිටි ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථාන හරහා මෙම පරීක්ෂාවන් සිදුකරන බවද හෙතෙම කීවේය.

මත්පැන්, මත්කුඩු, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්තකු මෙම පරීක්ෂාවට ලක්කිරීමේදී මුත්‍රා සාම්පල මගින් දෙසතියක කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි නිශ්චිතවම හඳුනාගත හැක.

පළමු පරීක්ෂාවෙන් අසමත් වන රියැදුරකු දෙසතියකට පසුව සිදුකරන දෙවන මත්ද්‍රව්‍ය පරීක්ෂාවෙන්ද අසමත් වන්නේ නම් එම රියැදුරු හට යෝග්‍ය වෛද්‍ය පරීක්ෂණ සහතිකයක් නිකුත් නොකිරීමද මෙමගින් සිදුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
386
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?