රියාද් නගරයේ දහදුක් විඳින සිරියලතා කියන සංවේදී කතාව

 “රියාද් නගරයේ නිවසක් ඇතුලේ හිරකරගෙන සිටින මාව කොහොම හරි ලංකාවට ගෙන්න ගන්න. මේ ගෙදර අය මට ලංකාවට එන්න නොදී දස වැඩ දෙනවා. මම සේවයට ඇවිත් දැන් අවුරුදු 14ක් වෙනවා. මගේ ළඟ දැන් තියෙන්නේ අවුරුදු 3ක පඩි විතරයි. අනිත් අවුරුදු 11ක මාසේ පඩිය අතට දීලා අත්සන් ගන්නවා විතරයි. දුන්න මුදල් නැවත ඉල්ලගන්නවා. ලංකාවට යද්දී දෙන්නම් කියනවා. මාව මාරලා දන්න කලින් ලංකාවට ගෙන්න ගන්න.

අවුරුදු 14ක කාලයක් සෞදි රියාද් අගනගරයේ ගෘහ සේවයට ගොස් දසවද විඳිමින් සිටින දිඹුලාගල මනම්පිටිය අංක 113 ලිපිනයේ පදිංචිව සිටි 53 හැවිරිදි හය දරු මවක් වන ඊ . ඒ සිරියලතා පවසා සිටිනවා. තම සැමියා හා දරුවන් සමඟ අඩදඹර වී ටර සේවයට ගිය බවත් මේ වෙද්දී ඇය අසරණවී ඇති බවත් පවසා සිටිනවා. වසර කිහිපයක සිට අදාළ බලධාරීන් දැනුවත් කරත් විසදුමක් නොවුණු බවත් ප්‍රකාශ කර සිටිඅනවා. 

“මම ලියන්න කියවන්න දන්නේ නැහැ, ඉගෙන ගෙන නැහැ. මෙහෙ ඇවිත් මට දසවද දෙනවා. කන්න බොන්න දෙන්නේ නැහැ. මගේ පාස්පෝට් එකත් උදුරාගෙන හංගලා. මාව උද තට්ටුවෙන් තට්ටු කරලා බිම වැටුනා. මගේ දත් ටිකත් දැන් කැඩිලා. මේ ගෙදර ලොකු මහත්තයා පොලිසියේ ලොක්කෙක්. මගේ මහත්තයා වගේම දරුවෝ මට අවුරුදු 14ක් තිස්සේ කතා කරන්නේ නැහැ. එයාලට මාව එපා කියලා මගේ නංගිට කියලා. මට යන එන මං නැහැ මාව මරන්න කලින් ලංකාවට ගෙන්න ගන්න. ලංකාවට ඇවිත් මම මැරුණත් කමක් නැහැ. .” යනුවෙන් ඇය සඳහන් කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08