රියදුරු බලපත්‍ර හිමි ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සුබ ආරංචියක්

ශ්‍රී ලංකා රජය සහ ඉතාලි ජන රජය අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම පිළිබඳ ද්වීපාර්ශ්වික ගිවිසුමකට 2011 වසරේදී එළඹ ඇති අතර, 2021 වර්ෂයේදී එම ගිවිසුමේ වලංගු කාලය අවසන් වී තිබෙනවා.

එම ගිවිසුම් යාවත්කාලීන කරමින් තාක්ෂණික සංශෝධන ඇතුළත් කර නැවත බලාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවකට එළඹ ඇති බව වාර්තා වනවා.

වසර 06කට අඩු කාලයක් ඉතාලියේ පදිංචිව සිටි සහ ඉතාලි පදිංචිය ලබා ගැනීමට පෙර ලබා ගත් ශ්‍රී ලාංකික වලංගු රියදුරු බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයන්ට, රියදුරු බලපත්‍ර පරිවර්තනය කිරීම මඟින් ඉතාලි රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ පදිංචි ඉතාලි ජාතිකයින්ට සිය වලංගු ඉතාලි රියදුරු බලපත්‍ර ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍ර බවට බලාත්මක කර ගැනීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම එකී ගිවිසුමට අනුව සිදු කෙරෙනවා.

ඒ අනුව, රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගිවිසුමකට අත්සන් තැබීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?