spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රියදුරු බලපත්‍ර මුද්‍රණය යළිත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළිත් එම දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ශ්‍රී ලංකා යුද හමුදාව පියවර ගෙන තිබෙනවා.

ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම අනුවයි.

කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව 2021 වසරේ ජනවාරි 01 වනදා සිට රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යුද හමුදාව වෙත භාරදී තිබුණා.

මෙම ව්‍යාපෘතිය භාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව රියදුරු බලපත්‍ර දසලක්ෂ විසි දෙදහස් හත්සිය හැට තුනක් මුද්‍රණය කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම අනුව රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ඇතුළුව දිවයින පුරා ඇති මාර්ගගත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන දහයේ සහ මාර්ග අපගත මධ්‍යස්ථාන 15ට අදාළ සියලුම රජකාරී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි නැවත එම දෙපාර්තමේන්තුව වෙත භාරදීමටයි ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
14
+1
42
+1
3
+1
17
+1
16
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?