රාත්‍රියේ නිවසේ නින්දට ගිය කාන්තාවගේ මළ සිරුර උදෑසන ඇලකින් හමුවෙයි (ඡායාරූප)

කෙහෙල්ගමු ඔය ඇල මාර්ගයේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් අද (18) අලුයම් කාලයේ සොයාගත් බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයේ සෙන් ජෝන් ඩිලරි වතුයායේ පදිංචිව සිටි 56 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකගේ මළ සිරුරක් බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව ඇල මාර්ගයට පැන සියදිවි හානි කරගෙන ඇති බවට සැක කෙරෙන බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇති කාන්තාවගේ පුත්‍රයා සඳහන් කළේ තම මව ඊයේ (17) රාත්‍රියේ නිවස තුළ නින්දට ගිය බවත්, අද (18) උදෑසන වෛද්‍ය සායනයක් සඳහා යාමටත් තිබූ බැවින් අලුයම තුනට පමණ ඇයව අවදිකරවීමට බලන විට ඇය නිවසේ නොසිටි බවයි.

පසුව සිදුකළ සොයා බැලීමේ දී නිවසට මීටර් 100ක් පමණ දුරින් ගලා යන කෙහෙල්ගමු ඔය ඇල මාර්ගයේ තම මවගේ මළ සිරුර තිබී හමුවූ බව ඇයගේ පුතා පොලීසියට පවසා තිබෙනවා.

නොර්වුඩ් පොලිස් ස්ථානය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
9
+1
1
+1
3
+1
13
+1
6
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23
Video thumbnail
අරගයක් ආවොත් ගු#ටිකාලා යන්න වෙයි කියලා මාලිමාවේ සමහරු දැන්ම යනවා
03:56
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41
Video thumbnail
උතුරේ හෙල්මට් නැතුව බයික්වල ගිය තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා..නීතිය හැමට සමානයි
02:19
Video thumbnail
හේමරතන හිමි තවත් මෙහෙම සිදුවීම් කරලද ? බලයෙන් යට ගිහින්ද ?..දැරිය මුදලටද ලබාගත්තේ ?
05:56
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා පොලිස් මාධ්‍ය සාකච්ඡාව උණුසුම්..පොලිසියටත් උත්තර නැතිවෙයි?
08:08
Video thumbnail
අපරාධකරුවන් 21 ලංකාවට ගෙනාපු මෙහෙයුම පොලිසිය හෙළිකරයි..ඉරානයේ පවතින යුද්දයෙන් කොටු වෙන්නේ
02:47
Video thumbnail
මෙරටට ගෙනා සැකකරුවන් 21ට වෙන්න යන දේ මෙන්න - කිසිදු සැකකරුවෙක්ට යහතින් ඉන්න බෑ
08:09
Video thumbnail
නම්බුකාර විදියට ඉල්ලා අස්වෙන්න..පළවෙනිදා ආණ්ඩුවට වෙන්න යන දේ තිස්සකුට්ටි හෙළිකරයි
05:07