spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සේවක විශ්‍රාමිකයින් පිරිසක් ජාතික ජන බලවේගය හමුවෙයි

විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය සහ ගුරු විදුහල්පති විශ්‍රාමික එකමුතුව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කර තිබෙනවා.

1997 වසරේ සිට 2021 වසර දක්වා විශ්‍රාම ලැබූ ගුරු විදුහල්පති සේවයේ නියුතුවූවන්ට නියමිත වැටුප් තලයන්ට අදාළව හිමි විය යුතු විශ්‍රාම වැටුප නොලැබීම, 2016 වසරේ සිට 2020 දක්වා විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවයේ සියලුම සේවකයින්ට 2016 වසරේ වැටුප් වැඩිවීමට අදාළ විශ්‍රාම වැටුප් නොලැබීම ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙනුයි මෙහිදී සාකච්ඡා වී ඇත්තේ.

මෙහිදී එම සංවිධාන ඉල්ලා ඇත්තේ අදාළ ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විෂය භාර ඇමතිවරයාගේ අවධානය යොමු කරවන ලෙසට සහ ඔවුන්ගේ හිමිකම් ලබාගැනීම සඳහා ජාතික ජන බලවේගයේ සහාය ලබාදෙන ලෙසටයි.

එම අවස්ථාවට ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක චන්දන සූරියආරච්චි, එම සංවිධානයේ ප්‍රධාන ලේකම් සරත්ලාල් පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?