රාජ්‍ය සේවක විශ්‍රාමිකයින් පිරිසක් ජාතික ජන බලවේගය හමුවෙයි

විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය සහ ගුරු විදුහල්පති විශ්‍රාමික එකමුතුව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කර තිබෙනවා.

1997 වසරේ සිට 2021 වසර දක්වා විශ්‍රාම ලැබූ ගුරු විදුහල්පති සේවයේ නියුතුවූවන්ට නියමිත වැටුප් තලයන්ට අදාළව හිමි විය යුතු විශ්‍රාම වැටුප නොලැබීම, 2016 වසරේ සිට 2020 දක්වා විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවයේ සියලුම සේවකයින්ට 2016 වසරේ වැටුප් වැඩිවීමට අදාළ විශ්‍රාම වැටුප් නොලැබීම ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙනුයි මෙහිදී සාකච්ඡා වී ඇත්තේ.

මෙහිදී එම සංවිධාන ඉල්ලා ඇත්තේ අදාළ ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විෂය භාර ඇමතිවරයාගේ අවධානය යොමු කරවන ලෙසට සහ ඔවුන්ගේ හිමිකම් ලබාගැනීම සඳහා ජාතික ජන බලවේගයේ සහාය ලබාදෙන ලෙසටයි.

එම අවස්ථාවට ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක චන්දන සූරියආරච්චි, එම සංවිධානයේ ප්‍රධාන ලේකම් සරත්ලාල් පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04