රාජ්‍ය සේවකයින්ට විදෙස් ගතවීමට අවසර දීම ගැන යළිත් කරලියට

වසර 05ක කාලයක් සඳහා රාජ්‍ය නිලධාරීන්ට අවසර ලබාදීම තුලින් රජ්‍ය සේවය ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසයි.

එලෙස විදේශ ගතවීම සඳහා අවසර ලබාදිය යුත්තේ රාජ්‍ය ආයතනවල සිටින අතිරික්ත සේවකයින්ට බවයි ඔහු පවසන්නේ.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට අදහස් දක්වමින් ඒ මහතා

“රජය කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අවුරුදු 5ක් නිවාඩු අරගෙන රට යන්න බැරි නම් ගෙදර ඉන්න කියලා කිව්වා. දැන් මේකෙන් ගුරු වෘත්තීයට විශාල බලපෑමක් එල්ල වෙනවා. ඒකට විතරක් නෙමෙයි බොහෝ වෘත්තීන්ට එල්ල වෙනවා. අපි දන්නවා හැම වෘත්තීයකම දක්ෂ පිරිසක් ඉන්නවා. ඒ පිරිස ගෙදර නැවතුනොත් මේ අවුරුදු පහේ තමන්ගේ ආදායම වැඩි කරගන්න. එහෙම නැත්නම් විදේශ ගත වුණොත් ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා ඒ ඒ ක්ෂේත්‍රවලට. දැනටමත් මේ ප්‍රශ්නය වෛද්‍ය ක්ෂේත්‍රයේ, දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ ඒ වගේම වරලත් ඉංජිනේරුවන්, වරලත් ගණකාධිකාරීවරු වැනි ක්ෂේත්වලට වගේම හෙද සේවයට, ගුරු සේවයට අද මේක බරපතළ විදියට බලපාලා තියෙනවා. රටේ රාජ්‍ය අංශයේ සේවකයෝ වැඩියි නම් අතිරේක සේවකයෝ කවුද කියලා හඳුනාගෙන අන්න ඒ අයට මේ අවුරුදු පහේ නිවාඩුව දෙන්නේ නැතුව හැමෝටම මේක ලබාදීම තුළින් අද විශාල වශයෙන් වැඩකරන්න පුළුවන් අය ගිහින් ගුරු වෘත්තීය මානව කාන්තාරයක් බවට පත්විය හැකි අවදානම තියෙනවා.”

යනුවෙන් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50