රාජ්‍ය සේවකයින්ට දෙන ආපදා ණය සීමාව ඉහළ දමයි

රාජ්‍ය සේවකයින් සඳහා ලබාදෙන ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මඟින් නිකුත් කර තිබෙනවා.

2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප වැඩිකිරීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් සඳහා ආපදා ණය ලබාදීමේ උපරිම සීමාව දැනට පවතින රුපියල් 250,000 සිට රුපියල් 400,000 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව අදාළ චක්‍රලේඛයේ දැක්වෙනවා.

මෙම චක්‍රලේඛය 2025 මැයි මස පළමුවනදා සිට ක්‍රියාත්මක බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?