රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් විශ්‍රාම ගිය ද රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමට බාධාවක් නැහැ – රාජ්‍ය ඇමති අශෝක ප්‍රියන්ත

දෙසැම්බර් 31 වන දින රාජ්‍ය සේවයේ නිලධාරීන් 30,000ක් පමණ විශ්‍රාම ගිය ද රාජ්‍ය සේවයේ පවත්වාගෙන යෑමට බාධාවක් නොවන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා.

රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විසින් මහජන සේවාව තවදුරටත් කඩිනම් කිරීම සහ විධිමත් කිරීම අරමුණු කරගනිමින් සිදුකරනු ලබන රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ පුත්තලම දිස්ත්‍රික් වැඩසටහනට අද (30) දින එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙලෙස විශාල ප්‍රමාණයක් නිලධාරීන් විශ්‍රාම යෑම හේතුවෙන් රාජ්‍ය සේවයේ කිසිඳු අවස්ථාවක බිඳවැටීමක් හෝ අඩපනවීමක් සිදු නොවන බවයි.

මේ අතර මහජනතාවට උප්පැන්නයක් ලබා ගැනීමේදී යම් අපහසුතාවයක් පවතින්නේ නම් ඊට අදාළ නීති සංශෝධනය කිරීමට ඉදිරියේදී බලාපොරොත්තුවන බව ඔහු මෙහිදී සඳහන් කළා.

මහජන සේවාවන් කඩිනම් කිරීම වත්මන් රජයේ අරමුණ බව ද රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මෙහිදී රාජ්‍ය නිලධාරීන්ට දන්වා සිටියා.

  1. Rajya sewaye weda karanne langadhi awa degree karayingen tika denek pamanayi. naki, madhi wayase ekek wath melo wedakkaranne nahe. Udeta enne parakku wela. apu hatiye kanna yanawa. peyak withara kala enawa, ita passe kayya gahanawa the wenala enakan. peyak yanna kalin the bonna yanawa. ethana kayya gahala enne luch kittu wela. lunch peyata peya 1 1/2 gannawa. unge gewal wala weda bill gewana ewa, banku yana ewa, hora joint meet wena ewa okkoma karala enakota henedwe the welawa kittuyi. henedewe the bonna gihin enne 4 weda arila yanna kittu wela. ita passe washroom wala, kannadi issarahata set wenne 3 1/2 indhala. ita passe hariyatama 4 off wenawa welawata wedata nawath. yanne enne season walin. train ekata naggama godak un ta season nahe,ticket ganneth nahe. ekek kisidaka season nogena awurudu 30 giya eke patiya deela thibuna. eke yana genunta, wenama hora minissuth minissunta hora genuth innawa. off wela yana gman kohen hari shot ekak dekak dagena yanawa gedra gihin tv eka issaraha wadi wela kala beela nidha gannawa. okane un karana lokuma sewaya.