රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද (17) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ තිබෙනවා.
ඒ, කටුනායක ගුවන් තොටුපොළේ දී එහි සේවයේ නිරත පෝටර්වරයෙකුට පහර දී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීම සඳහායි.
රාජ්‍ය අමාත්‍යවරයාගේ ඥාතීන් කිහිපදෙනෙකු විදෙස්ගතවීම සඳහා ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ දී මෙම පහරදීම සිදුකර තිබුණා.
අමාත්‍යවරයා සමඟ පැමිණි පිරිසගේ ගමන් මළු ගුවන් තොටුපොළට රැගෙන යාම වෙනුවෙන් පෝටර්වරයාවරයාට ගෙවිය යුතු ගාස්තුවට වඩා අඩුවෙන් මුදල් ගෙවා ඇති අතර, පෝටර්වරයා නියමිත ගාස්තුව ඉල්ලා සිටි අවස්ථාවේ දී මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, තමන් ගුවන් තොටුපොළ සේවකයෙක්ට පහර දුන් බවට පිළිගත්තේ ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.




