රාජ්‍ය ඇමති එහෙට මෙහෙට යන්න ගත්තු වාහනයකට අමාත්‍යාංශය රුපියල් 1,665,598 ගෙවලා

ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයාගේ රාජකාරි කටයුතු සදහා පුද්ගලික ආයතනයකින් ලබා ගෙන තිබූ කුලී වාහනයක් සදහා දෛනිකව මීටර් සනාථ කිරීමකින් තොරව රුපියල් 1,665,598 ක මුදලක් එම රාජ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවීම් කර ඇති බව රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ.

ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයාගේ රාජකාරි කටයුතු සදහා රජය විසින් ලබා දී තිබූ වාහනය අනතුරකට පත්ව ඇත.අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයාගේ රාජකාරි කටයුතු සදහා 2022 මැයි මස 12 වැනිදා පුද්ගලික ආයතනයකින් වාහනයක් ලබා ගෙන ඇත.එම වාහනය ලබා ගෙන ඇත්තේ 2021 ජූනි මස 10 වෙනිදා දක්වා වූ කාලයක් සදහා ඇති කර ගත් ගිවිසුමක් අනුවය.නමුත් එම වාහනය රාජ්‍ය අමාත්‍යවරයා 2021 සැප්තැම්බර් මස 14 වෙනිදා දක්වා රාජකාරි කටයුතු සදහා පාවිච්චියට ගෙන ඇත.ඒ අනුව කුලී පදනම මත වාහනය ලබා ගැනීමේදී අස්සන් කර ඇති ගිවිසුමට වඩා මාස 03 ක කාලයක් රාජ්‍ය අමාත්‍යවරයා එම වාහනය පාවිච්චි කර ඇති බව විගනන නිලධාරීන් විසින් තහවුරු කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් තම රාජකාරි කටයුතු සදහා පාවිච්චි කළ එම වාහනය වෙනුවෙන් ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් 1,665,598 ක මුදලක් ගෙවීම් කර ඇති බවද එම මුදල ගෙවා ඇත්තේ අදාල වාහනයේ මීටරය දෛනිකව ගනනය කිරීමකින් තොරව සැපයුම්කරු ඉදිරිපත් කර ඇති කිලෝ මීටර් 17,986 ක් ධාවනය කර ඇති බවට වූ බිල්පත් මත පදනම්ව පමණක් බවද විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා විසින් අදාල බිල්පත් සනාථ කිරීමෙන් අනතුරුව ගෙවීම් සිදු කර ඇති බව ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යාංශය විගනන නිලධාරීන් හමුවේ සදහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම ගෙවීම් මුදල් රෙගුලාසි සංග්‍රහයේ අංක 138 සහ 139 රෙගුලාසි වලට පටහැකි බවද විගනන නිලධාරීන් විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25