spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය ඇමති එහෙට මෙහෙට යන්න ගත්තු වාහනයකට අමාත්‍යාංශය රුපියල් 1,665,598 ගෙවලා

ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයාගේ රාජකාරි කටයුතු සදහා පුද්ගලික ආයතනයකින් ලබා ගෙන තිබූ කුලී වාහනයක් සදහා දෛනිකව මීටර් සනාථ කිරීමකින් තොරව රුපියල් 1,665,598 ක මුදලක් එම රාජ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවීම් කර ඇති බව රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ.

ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයාගේ රාජකාරි කටයුතු සදහා රජය විසින් ලබා දී තිබූ වාහනය අනතුරකට පත්ව ඇත.අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයාගේ රාජකාරි කටයුතු සදහා 2022 මැයි මස 12 වැනිදා පුද්ගලික ආයතනයකින් වාහනයක් ලබා ගෙන ඇත.එම වාහනය ලබා ගෙන ඇත්තේ 2021 ජූනි මස 10 වෙනිදා දක්වා වූ කාලයක් සදහා ඇති කර ගත් ගිවිසුමක් අනුවය.නමුත් එම වාහනය රාජ්‍ය අමාත්‍යවරයා 2021 සැප්තැම්බර් මස 14 වෙනිදා දක්වා රාජකාරි කටයුතු සදහා පාවිච්චියට ගෙන ඇත.ඒ අනුව කුලී පදනම මත වාහනය ලබා ගැනීමේදී අස්සන් කර ඇති ගිවිසුමට වඩා මාස 03 ක කාලයක් රාජ්‍ය අමාත්‍යවරයා එම වාහනය පාවිච්චි කර ඇති බව විගනන නිලධාරීන් විසින් තහවුරු කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් තම රාජකාරි කටයුතු සදහා පාවිච්චි කළ එම වාහනය වෙනුවෙන් ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් 1,665,598 ක මුදලක් ගෙවීම් කර ඇති බවද එම මුදල ගෙවා ඇත්තේ අදාල වාහනයේ මීටරය දෛනිකව ගනනය කිරීමකින් තොරව සැපයුම්කරු ඉදිරිපත් කර ඇති කිලෝ මීටර් 17,986 ක් ධාවනය කර ඇති බවට වූ බිල්පත් මත පදනම්ව පමණක් බවද විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා විසින් අදාල බිල්පත් සනාථ කිරීමෙන් අනතුරුව ගෙවීම් සිදු කර ඇති බව ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යාංශය විගනන නිලධාරීන් හමුවේ සදහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම ගෙවීම් මුදල් රෙගුලාසි සංග්‍රහයේ අංක 138 සහ 139 රෙගුලාසි වලට පටහැකි බවද විගනන නිලධාරීන් විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?