රාජ්‍ය ඇමතිගේ සුපිරි රිය ඇළකට පෙරළෙයි

රාජ්‍ය අමාත්‍ය ප්‍රියන්ත අශෝක මහතාගේ අමාත්‍යංශයට අයත් කැබ් රථයක් මාරවිල හොරවංගුව ප්‍රදේශයේදී අනතුරට ලක්වි තිබෙනවා.

අද උදෑසන 8.30ට පමණ රියදුරාට නින්ද යාම හේතුවෙන් කැබ් රථය පාරු ඇළට පෙරලී ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

රථය මහවැව ප්‍රදේශයේ සිට නාත්තන්ඩිය දෙසට ගමන් කරමින් සිටියදී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් කැබ් රථයට දැඩි අලාභ හානි සිදුවී ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

අනතුර සම්බන්ධයෙන් මාරවිල පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
31
+1
2
+1
4
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?