රාජ්‍ය ආයතන කිහිපයක් මෙම සතියේ දී කෝප් කමිටුව හමුවට

මෙම සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝප් කමිටුව’ හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

කෝප් කමිටු සභාපති මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව හෙට (07) දිනයේ රැස්වීමට නියමිතයි.

ඒ, අනුව හෙට (07) දිනය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් මෙම කමිටුව හමුවට කැඳවා ඇති බවයි වාර්තා වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් ද හෙට (07) දිනය තුළ කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට අන්නිදා (08) දියයේ පැමිණෙන ලෙස දන්වා ඇති අතර, මාර්තු 09 වන දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුවට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.