රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට තරයේ අවවාද

අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු තදින් අවවාද කිරීමෙන් අනතුරුව මුදාහැරීමට අභියාචනාධිකරණය අද (13) නියෝග කළා.

මින් පසු සෑම නඩු දිනයකට අධිකරණයට පැමිණෙන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරුවරයා රාජ්‍ය අමාත්‍යවරයාට මෙහිදී අවවාද කර සිටියා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අද (13) දිනයේ අධිකරණය හමුවේ පෙනීසිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් පසුගිය දා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට සිතාසි නිකුත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඔහු අධිකරණය හමුවේ අද දින පෙනී නොසිටීම හේතුවෙන් අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේ රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අධිකරණය විසින් ලබා දෙන තීන්දු පිළිබඳ දැක් වූ අදහසක් හේතුවෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46