AFC Banner
Empty Ad
Empty Ad

රාජසන්තක කළ ඉඟුරු ආයුර්වේද ඖෂධ සංස්ථාවට

රේගුව විසින් රාජසන්තක කරනු ලැබ ඇති බෙහෙත් ඉඟුරු ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන කටයුතු සඳහා එම බෙහෙත් ඉඟුරු තොග යොදාගැනීමට නියමිත බව සඳහන්.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ වර්ග 87ක් සඳහා බෙහෙත් ඉඟුරු අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරනු ලබනවා.

මේ වන විට වෙළෙඳපොළේ බෙහෙත් ඉඟුරුවල දැඩි හිඟයක් පවතින අතර එම හිඟයට පිළියමක් ලෙස අදාළ ඉඟුරු තොග මෙලෙස ලබා ගැනීමටයි අනුමැතිය හිමිව ඇත්තේ.

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලැබ ඇති බෙහෙත් ඉඟුරු ටොන් 50ක ප්‍රමාණයක් පවතින අතර, එම බෙහෙත් ඉඟුරු තොගය සහනදායී මිල ගණන් යටතේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත ලබාගැනීමට මේ අනුව හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?