රාජසන්තක කළ ඉඟුරු ආයුර්වේද ඖෂධ සංස්ථාවට

රේගුව විසින් රාජසන්තක කරනු ලැබ ඇති බෙහෙත් ඉඟුරු ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන කටයුතු සඳහා එම බෙහෙත් ඉඟුරු තොග යොදාගැනීමට නියමිත බව සඳහන්.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ වර්ග 87ක් සඳහා බෙහෙත් ඉඟුරු අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරනු ලබනවා.

මේ වන විට වෙළෙඳපොළේ බෙහෙත් ඉඟුරුවල දැඩි හිඟයක් පවතින අතර එම හිඟයට පිළියමක් ලෙස අදාළ ඉඟුරු තොග මෙලෙස ලබා ගැනීමටයි අනුමැතිය හිමිව ඇත්තේ.

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලැබ ඇති බෙහෙත් ඉඟුරු ටොන් 50ක ප්‍රමාණයක් පවතින අතර, එම බෙහෙත් ඉඟුරු තොගය සහනදායී මිල ගණන් යටතේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත ලබාගැනීමට මේ අනුව හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21