spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජපක්ෂ පවුල ආරක්ෂා කරන ඩීල් එකක් මේක.. ඔන්න කිව්වා අපිනම් ඇමති ධුර ගන්නේ නෑ, නෑමයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය යටතේ කිසිදු අමාත්‍යධුරයක් භාර ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයකු ඔවුන් සමග කටයුතු නොකරන බව රංජිත් මද්දුමබණ්ඩාර කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවා.

අග්‍රාමාත්‍ය ධුරය දැරීම සඳහා රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බවත් හැකිනම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙසත් ඔහු අභියෝගය කරනවා.

රටේ ගැටලු විසඳීම කෙසේ වෙතත් තම ජනාධිපති ධුරය සහ සහ රාජපක්ෂ පවුල ආරක්ෂා කර ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරයේ පිරිනැමූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සාමකාමී විරෝධතා කරුවන්, රටේ පොදු මහජනතාව, මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ ඉල්ලීම් වලට පයින් ගසා ව්‍යවස්ථාවෙන් සහ සම්ප්‍රදායෙන් පරිබාහිරව පත් කර ඇති මෙම තනතුරට සමගි ජන බලවේගය සම්පූර්ණයෙන්ම විරෝධය පළ කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?