Empty Ad
AFC Banner
Empty Ad

රාජගිරියේ රිය අනතුරක් – පොලිස් නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් මරුට

අද (23) උදෑසන රාජගිරියේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකයෙක් සහ තවත් අයෙක් මරුමුවට පත්වී තිබේ.

රාජගිරිය, ආයුර්වේද වටරවුම සහ ගුවන් පාළම ආසන්නයේ පොලිස් මාර්ග බාධකයක සිටි නිලධාරීන් පිරිසක් අධික වේගයෙන් පැමිණි වෑන් රථයක ගැටී තිබේ.

ඉන් එක් නිලධාරියෙක් මරණයට පත්වී ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම කණ්ඩායම භාරව සිටි 52 හැවිරිදි උප පොලිස් පරීක්ෂකයෙක් මරුමුවට පත්වී ඇති බවය.

එසේම ඔවුන් විසින් එම අවස්ථාවේ පරීක්ෂා කරමින් සිටි වෙනත් කුඩා ලොරි රථයක සහායකවරයා ද අධික වේගයෙන් පැමිණි වෑන් රථයේ ගැටී තිබේ. ඉන් ඔහු ද එම අනතුරින් මරණයට පත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.      

වෑන් රථයේ රියැදුරාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තලවතුගොඩ පදිංචිකරුවෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංගීත ප්‍රසංගයට වැස්සෙන් බාධා - චාමර රණවක දෙපාරක් නොහිතා ග්‍රවුන්ඩ් එක මැදට පනියි
03:03
Video thumbnail
දරුවෙක්ගේ කකුළට කරපු දේට පාසලත් නිහඬයි - පොලිසියත් නිහඬයි
05:19
Video thumbnail
ඇමති නලින්ද එක්ක වර්ජනය ගැන කතා කරන්න ගිය වෘත්තිය සමිති ලොක්කෝ මාධ්‍ය මඟහැර හොරෙන්ම මාරු වෙයි
02:34
Video thumbnail
වාහන ආනයනකරුවන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
22:44
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
00:56
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
10:51
Video thumbnail
පාඨලී විශේෂ හෙළිදරව්වක් කරයි
00:59
Video thumbnail
අනුර කුමාර ජනාධිපතිතුමා කවදාවත් රනිල්ව අත්අඩංගුවට ගන්නේ නෑ
17:21
Video thumbnail
මම එක පෙලට තියලා දෙන්නේ ඔක්කෝටම - අසේල සම්පත් ට්‍රැක්ටරේට ගොඩ වුණේ මෙහෙමයි
22:05
Video thumbnail
අපිට කරන්න පුළුවන් දේ අපි කරලා පෙන්නන්නම් - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට අභියෝග කරයි
10:11

?