රාජකාරියට එන අයට බාධා කරන්න බෑ පොලිස්පතිගෙන් විශේෂ නියෝගයක්

දිවයින තුළ අත්‍යවශ්‍ය සේවාවන් හරියාකාරව පවත්වා ගැනීම සඳහා සහ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව දුම්රිය සේවාව පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය කඩිනම් පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

ඒ අනුව හෙට (15) උදෑසන කාර්යාල හා මගී ප්‍රවාහන පෙරවරු 5.00 සහ පෙරවරු 5.45ට අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා දුම්රිය දෙකක්ද, අලුයම 4.50 සහ 5.50 හලාවත සිට කොළඹ දක්වා දුම්රියන් දෙකක්ද ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

රඹුක්කන සිට පෙරවරු 5.25 ට හා පෙරවරු 5.57ට දුම්රියන් දෙකක්ද, ගනේවත්තෙන් අලුයම 3.55, මහවින් පෙරවරු 4.45 සහ මහනුවරින් පෙරවරු 5.00 ට ත් කොළඹ දක්වා දුම්රිය ධාවනය සැලසුම් කර ඇති බවත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත සිට අලුයම 4.15ට, ගාල්ල සිට පෙරවරු 5.00ට, අලුත්ගම සිට පෙරවරු 6.00ට සහ දකුණු කලුතර සිට පෙරවරු 7.00 ට කොළඹ දක්වා දුම්රිය ගමන්වාර සිදු කිරිමට නියමිත බව පවසා සිටිනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් දිවයින තුළ මහජන සාමය පවත්වාගෙන යාමටත් කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමටත් අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් පියවර ගන්නා බවද එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව කොට්ඨාශ භාර නිලධාරීන් විසින් තම කොට්ඨාශ බල ප්‍රදේශය තුළ, සෑම දුම්රිය ස්ථානයක් ම ආවරණය වන පරිදි ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීම සහ ප්‍රධාන දුම්රිය ස්ථාන වලට වගකිවයුතු පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙකු සමග නිලධාරී කණ්ඩායම් යෙදවීම සිදු කළ යුතු බවත්, සේවයට වාර්තා කරන දුම්රිය සේවකයන් රාජකාරි වාර්තා කිරීම, රාජකාරි යෙදී සිටීම සහ රාජකාරියෙන් බැහැරව වන අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහාත්, දුම්රිය ධාවනය වන අවස්ථාවේදී එයට බාධා කිරීම සඳහා ගල් ගැසීම හෝ වෙනත් කඩාකප්පල් ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහාත් පොලිස්පති සි. ඩී. වික්‍රමරත්න මහතා විසින් නියෝග ලබාදී ඇති බවද පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19