රඹුක්කන සිදුවීමට අදාළ අධිකරණ නියෝගය වහාම ක්‍රියාත්මක කරන්න – පොලිස්පති ගෙන් CIDයට උපදෙස්

රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගය අනුව වහාම ක්‍රියාත්මක වන ලෙස පොලිස්පතිවරයා විසින් CIDය වෙත දැනුම් දී තිබෙනවා.

කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 27 වනදා නියෝග කළේ රඹුක්කන ඝාතන සිද්ධියට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

අදාළ නියෝගය අද පොලිස් මූලස්ථානය වෙත ලැබී ඇති අතර ඒ අනුව පොලිස්පතිවරයා විසින් CIDය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මෙලෙස උපදෙස් ලබාදී තිබේ.

පසුගිය 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ සිදුවු විරෝධතාවයක් අතරතුරදී පොලිස් නිලධාරීන් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ චමින්ද ලක්ෂාන් නැමති දෙදරු පියා ජීවිතක්ෂයට පත්වුවා.