රඹුක්කනදී ඉන්ධන බවුසරයට ගිනිතැබීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුව ඇප මත මුදාහැරීමට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.
28 හැවිරිදි සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබුණා.
අද දින සැකකරුව කෑගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුව මුදාහැරීමටයි.
කෙසේ වෙතත් සැකකරු වෙනුවෙන් ඇප කොන්දේසි සපුරාලීමට කිසිදු අයෙකු ඉදිරිපත් නොවීම නිසා ඔහු බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.













