AFC Banner
Empty Ad

රම්බොඩදී අතුරුදන් වූ තරුණයා සොයාගනී

කොත්මලේ රම්බොඩ දිය ඇල්ල අසල සංචාරක නිකේතනයක සිටිය දී අතුරුදහන්වූ අනුරාධපුරයේ තරුණයා රම්බොඩ දිය ඇල්ල අසල ගල් තලාවක සිටිය දි අද උදැසන 10 ට පමණ සොයාගත් බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ සිට ශ්‍රි පාද වන්දනාවේ පැමිණ කොත්මලේ රම්බොඩ දිය ඇල්ල අසල සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටියදී ඊයේ(13) අතුරුදහන්ව ඇත.

කොත්මලේ පොලිසිය,පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව කළ මෙහෙයුමකින් පසු එම තරුණයා සොයාගත්තේය.

ඔහු කොත්මලේ රෝහලට ඇතුලත් කල බව කොත්මලේ පොලිසිය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?