රන්, රිදී, ලෝකඩ පදක්කම් දිනූ ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට

දකුණු ආසියානු කායවර්ධන ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිණ තිබෙනවා.

තරගාවලිය පසුගිය 5 වනදා සිට පැවැත්වෙන්නේ මාලේ අගනුවරදීයි.

එහිදී මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගැනීමට ද සමත් වී තිබෙනවා.

පදක්කම් දිනා ගත් ක්‍රීඩකයින් පිරිස අද උදෑසන 09.05ට මාලදිවයිනේ සිට පැමිණි ගල්ෆ් එයාර් ගුවන් සේවයේ GF- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සදහා එම ක්‍රීඩා ෆෙඩරේෂනයේ නිලධාරීන් සහ ක්‍රීඩකයින්ගේ නෑදෑ හිතවතුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාව වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට
01:51
Video thumbnail
අදත් කුණු ටිකක් අතේ මාට්ටු..අනේ අදට සමාව දෙන්න කියන්නකෝ සර්..
01:43
Video thumbnail
NSBM දස වසරක ගමනේ රටේ ආර්ථිකයට රු.බිලියන 115.5කට අධික දායකත්වයක්
01:34
Video thumbnail
විවෘත විශ්වවිද්‍යාලයේ පවතින ගාස්තුව සිසුන්ට දරාගන්න බෑ - UGC එකට පැමිණිල්ලක්
05:28
Video thumbnail
දිවුලපිටිය කුණු කන්ද සුද්ද කරලා තියෙන්නේ බාගෙට..ඇතුලේ කුණු එහෙම්මයි..රවට්ටන්න විතරක් කරන්න එපා
01:55
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
02:27
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට - ජලාශයට බහින්න එපා - අනතුරුදායකයි
06:51
Video thumbnail
ත්‍රස්ත කඳවුරක් ඇති බවට කියු ස්ථානයේ වීඩියෝ එළියට - ගාර්මට් එකක් තියෙන්නේ - මිනිස්සු වැඩ කරනවා ?
08:51
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57