Indian Premier League

රන්, රිදී, ලෝකඩ පදක්කම් දිනූ ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට

දකුණු ආසියානු කායවර්ධන ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිණ තිබෙනවා.

තරගාවලිය පසුගිය 5 වනදා සිට පැවැත්වෙන්නේ මාලේ අගනුවරදීයි.

එහිදී මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගැනීමට ද සමත් වී තිබෙනවා.

පදක්කම් දිනා ගත් ක්‍රීඩකයින් පිරිස අද උදෑසන 09.05ට මාලදිවයිනේ සිට පැමිණි ගල්ෆ් එයාර් ගුවන් සේවයේ GF- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සදහා එම ක්‍රීඩා ෆෙඩරේෂනයේ නිලධාරීන් සහ ක්‍රීඩකයින්ගේ නෑදෑ හිතවතුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාව වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?