“රන්නට අරක්කු කඩ එපා” – භික්ෂූන් වහන්සේලා මහ පාරට

මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීමට සූදානමක් ඇති බවට ලද ආරංචියක් මත, ඊට විරෝධය පා රන්න නගරයේ අද (02) විරෝධතාවක් පැවැත් වුණා.

රන්න ත්‍රෛනිකායක විහාරාධිපති සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම විරෝධතාවයට භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් සහභාගීව සිටි බවයි වාර්තා වුණේ.

රන්න කහඳාව විහාරස්ථානයේ සිට පා ගමනින් රන්න නගරයට පැමිණි විරෝධතාකරුවන් ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.