රතු මුහුදේ එළා ඇති කේබල් 4කට හානි – මැද පෙරදිග සන්නිවේදන ජාලවලට බාධා

රතු මුහුද යටින් එළා ඇති සන්නිවේදන කේබල් 4කට හානි වීමෙන් මැද පෙරදිග සන්නිවේදන ජාලවලට බාධා සිදුව තිබෙනවා.

හූති කැරලිකරුවන් මෙයට සම්බන්ධ බව ග්ලොබ්ස් ප්‍රවෘත්ති සේවාව වාර්තා කර සිටී.

2006 වසරේ තායිවානයේ සිදුවූ සබ්මැරීන් කේබල් හනියෙන් පසු සිදුවූ විශාලතම හානිය මෙයයි.

මෙමගින් මැද පෙරදිග සන්නිවේදන ජාලවලට සැලකිය යුතු බාධාවක් සිදුව තිබෙන බව සඳහන්.

කේබල් විනාශ කිරීම පිටුපස හූති කැරලිකරුවන් සිටින බවට සැකයක් පවතින බව ද විදෙස් මාද්‍ය පවසනවා.