රත්රන් වටිනා පදක්කමක් දිනූ නෙත්මි මව්බිමට පැමිණෙයි (ඡායාරූප)

ස්පාඤ්ඤයේ පැවති වයස අවුරුදු 20 න් පහළ කනිෂ්ඨ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියේ දී ලෝකඩ පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා ඊයේ (08) දිවයිනට පැමිණියා.

ඊයේ (08) රාත්‍රී 08.40ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි- 396 දරණ ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

තරගාවලියේ කිලෝග්‍රෑම් 55 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ රුසියානු ක්‍රීඩිකාව ලකුණු 06-02ක් ලෙස පරාජය කරමින්.

මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියේ දී, ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවට පදක්කම් දිනාදුන් ක්‍රීඩිකාව ලෙස නෙත්මි අහිංසා ඉතිහාස ගත වුණා.

ස්පාඤ්ඤයේ, පොන්ටෙවෙඩ්පා නගරයේ පැවති මෙම තරගාවලිය වෙනුවෙන් ලෝකයේ රටවල් 100 කට අධික ප්‍රමාණයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 කට අධික පිරිසකගේ සහභාගීත්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ නෙත්මි අහිංසා,

“මම කසකස්තාන, බල්ගේරියානු සහ හංගේරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 -00 ලෙස පරාජය කළා. ලෝක ශූර චීන ක්‍රීඩිකාව සමග 02 -02ක් ලෙස කරට කර තරග කරමින් සිටියදී එම තරගයේ දී අවාසනාවන්ත ලෙස පරාජය වුණා. ඉන්පසුව තුන්වැනි ස්ථානය සඳාහා රුසියානු ක්‍රීඩිකාව සමඟ තරග කර ඇය 06 – 02ක් ලෙස පරාජය කරමින් කිලෝ ග්‍රෑම් 53 බර පංතියේ ලෝකඩ පදක්කම දිනාගත්තා.”

නෙත්මිව පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලධාරීන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.

20240908 215027 2 scaled
20240908 214808 2 scaled
WhatsApp Image 2024 09 09 at 5.34.11 AM 1
WhatsApp Image 2024 09 09 at 5.34.11 AM 2 1
WhatsApp Image 2024 09 09 at 5.34.11 AM 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48