රත්මලානෙන් හමු වූ නාදුනන පිරිමි මළ සිරුර

රත්මලාන ඥානේද්‍ර පාර, අල්විස් ගාඩ්න්ස් ( අල්විස් වත්ත) ප්‍රදේශයේ මුහුදු වෙරළට නාදුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබියදී අද (16) පෙරවරුවේ ගල්කිස්ස පොලිසිය විසින් සොයාගත්තා.

වයස අවුරුදු 50 ක් පමණ වු මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය පිළිබඳ තොරතුරක් මෙතෙක් වාර්තාවී නොමැති බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ සිරුරෙන් ලේ ගලා ඇති බවත් සිරුරේ කිසිදු ඇදුමක් නොමැති බවත් පොලිසිය කියයි.
මේ පිළිබදව වැඩි දුර පරික්ෂණ ගල්කිස්ස පොලිසිය සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?