AFC Banner
AFC Banner
Empty Ad

රණවිරුවන් පිරටට විකිණූ දෙදෙනෙක් පොලිස් දැලේ

රුසියාවේ සහ යුක්‍රේනයේ කුලී හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා සාමාජිකයින් යොමු කිරීමේ මිනිස් ජාවාරමට අදාළව යුද හමුදා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙක් සහ විශ්‍රාමික සැරයන්වරයෙක් කුරුණෑගල දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන තවදුරටත් තීව්‍ර කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.

රුසියාවේ සහ යුක්‍රේනයේ කුලී හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා සාමාජිකයින් යොමු කිරීමේ ජාවාරමක් පිළිබඳ අප පසුගියදා අනාවරණය කළා.

ඒ සම්බ්නධයෙන් අදහස් දක්වමින් මෙම ජාවාරමට හසුව රුසියානු හමුදාවේ සේවයට ගිය හමුදා සාමාජිකයින් සඳහන් කළේ කාර්යාලිය සේවා බව සඳහන් කළද ඔවුන් මේ වනවිට යුද්ධයේ තීව්‍ර ගැටුම් පවතින ප්‍රදේශ වෙත යොමුකර ඇති බවයි.

මෙලෙස රුසියාවේ සහ යුක්‍රේනයේ කුලී හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා සාමාජිකයින් යොමු කිරීමේ ජාවාරමට අදාළව හිටපු යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු සහ හිටපු යුද හමුදාවේ සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?