රණවිරුවන්ගේ සුබසාධනය ගැන සොයා බැලීමට පත් කළ කමිටුවේ ප්‍රගතිය සමාලෝචනයට (ඡායාරූප)

මව්බිමේ නිදහස වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය සහ ප්‍රතිලාභ සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කිරීම පිළිබඳ ව සොයාබැලීම සඳහා පත් කරන ලද මණ්ඩලයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඊයේ (26) දින ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික)ගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේ දී පැවැත්වුණා.

එකී ගැටළු සම්බන්ධ ව පසුගියදා පැවැත්වූ සාකච්ඡාවක දී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පිහිටුවනු ලැබූ මෙම මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් – ආරක්‍ෂක, නම් කරන ලද අතර, රණවිරු සේවා අධිකාරියෙහි සභාපති, රණවිරු සුබසාධනය හා සම්බන්ධ ත්‍රිවිධ හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හි අදාළ අධ්‍යක්‍ෂවරුන් සහ අනෙකුත් අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රධාන නිලධාරීන් ද ඊට ඇතුළත්.

දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම රණක්‍ෂිතයට පත් රණවිරුවන් මුහුණදෙන දිගුකාලීන ගැටලු නිසි ක්‍රමවේදයක් ඔස්සේ හඳුනාගැනීමත්, පසුගිය කාලසීමාව පුරාවට නොවිසඳුණු අවශ්‍යතා සහ ගැටලුවලට වඩාත් ප්‍රයෝගික මෙන්ම කඩිනම් විසඳුම් ලබාදීමත් යන කරුණු පිළිබඳ ව පැවති සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුණු බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, ව්‍යුහගත සහ අන්තර් සහයෝගී ක්‍රියාවලියක් මගින් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය සහතික කිරීමටත්, ඔවුන්ගේ අවශ්‍යතා සඳහා වඩාත් ඵලදායී විසඳුම් ලබා දීමටත් හැකි වනු ඇති.

WhatsApp Image 2024 12 26 at 19.51.42
WhatsApp Image 2024 12 26 at 19.51.41 2
WhatsApp Image 2024 12 26 at 19.51.41 1
WhatsApp Image 2024 12 26 at 19.51.41
WhatsApp Image 2024 12 26 at 19.51.40 3
WhatsApp Image 2024 12 26 at 19.51.40 1
WhatsApp Image 2024 12 26 at 19.51.40
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?