AFC Banner
AFC Banner
Empty Ad

රට සිගරට් තොග පිටින් ගෙන ආ අම්මයි දුවයි කටුනායක දී මාට්ටු

නීතිවිරෝධී ලෙස රැගෙන ආ රුපියල් එක්කෝටි දහහත් ලක්ෂ තිස්දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාපාරික මවක් සහ දියණියක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින්මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මොවුන් 61 සහ 38 යන වයස්වල පසුවන්නියන් බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම මව සහ දියණිය ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් – 549 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මොවුන් දෙදෙනාගේ ගමන් මළු පරීක්ෂා කිරීමේ දී ඒවායේ තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 78,200ක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

මෙම දුම්වැටි තොගය සමඟ අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගෙන ඇති අතර, ලබන 13 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?