රට සිගරට් තොග පිටින් ගෙන ආ අම්මයි දුවයි කටුනායක දී මාට්ටු

නීතිවිරෝධී ලෙස රැගෙන ආ රුපියල් එක්කෝටි දහහත් ලක්ෂ තිස්දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාපාරික මවක් සහ දියණියක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින්මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මොවුන් 61 සහ 38 යන වයස්වල පසුවන්නියන් බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම මව සහ දියණිය ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් – 549 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මොවුන් දෙදෙනාගේ ගමන් මළු පරීක්ෂා කිරීමේ දී ඒවායේ තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 78,200ක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

මෙම දුම්වැටි තොගය සමඟ අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගෙන ඇති අතර, ලබන 13 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. මොනවද ඉතින් රුපියල් 2000ක් විතර දඩ ගහලා අම්මටයි දුවටයි පරිස්සමට යන්න කියයි…😂😃😢🥹🤮🤮



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16