රට රැකියා ජාවාරමකට මන්ත්‍රී මල්ලී අත්අඩංගුවට

ඩුබායි හි රැකියා ලබදෙන බව පවසමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලය මඟින් නිකුත් කරන වීසා බලපත්‍ර ව්‍යාජ ලෙස සකස්කකර දී පුද්ගලයින් රවටා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන පුද්ගලයෙක් මහනුවර පොලිසිය මඟින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ හලීම්ගේ සොහොයුරා බවයි වාර්තා වන්නේ.

සැකකරු ඩුබායි දේශයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන කිරීමෙන් අනතුරුවයි මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර මහනුවර මූලස්ථාන පොලිසියේ වංචා විමර්ශන අංශය මඟින් එම වීසා බලපත්‍ර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලයට යොමුකර සිදුකළ විමසීමක දී ඒවා ව්‍යාජ වීසා බලපත්‍ර බව තහවුරු කරගෙන තිබෙනවා.

මහම්මදු හාෂීන් අලීම් මහම්මුදු රාසික් නමැති මෙම සැකකරු 58 හැවිරිදි වියේ පසුවන්නෙක්.

සැකකරු මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14