රට රැකියාවලට යන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ජපානයේ හා දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් රැස්කල පුද්ගලයින් දෙදෙනෙක්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට ලද තොරතුරක් මත සිදුකල විමර්ශනයකදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධිව මෙම මුදල් රැස්කිරීම සිදුකර තිබේ.

අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, රුපියල් ලක්ෂ ‍2ක ශරීර ඇප මත මුදා හැර තිබේ.

නඩුව ඔක්තෝම්බර් 28 දින යළි කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.